වෙසක් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස මෝදිට ආරාධනා

ලබන වසරේ මැයි මාසයේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් උත්සවය වෙනුවෙන් ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසි...

ලබන වසරේ මැයි මාසයේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් උත්සවය වෙනුවෙන් ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට ආරාධනා කළේය.

නවදිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර පැවැති ද්විපාර්ශ්වීය සාකච්ඡාවේදී රනිල් වික්‍රමසිංහ මහතා මෙම ආරාධනාව ඊයේ (05දා) සිදු කළේය. ඒ පිළිබඳව ඉතා ඉක්මණින්ම පිළිතුරක් දෙන බව මෝදි මහතා පවසා ඇත.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර රාජ්‍ය තාන්ත්‍රික භාවයෙන් ඔබ්බට ගිය සුවිශේෂී මිත්‍රත්වයක් බවත්, දෙරට අතර විවිධ ක්ෂේත්‍රයන් අතර සම්බන්ධතා පුළුල් කරලීමට මේ මිත්‍රත්වය හේතු සාධක වන බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවැසූ බව අග්‍රාමහාත්‍ය කාර්යාලය නිවේදනය කළේය.

ආර්ථික, ආරක්‍ෂක, නීතිය හා සාමය, වෙළඳ, තාක්‍ෂණික, කර්මාන්ත, සේවා, සෞඛ්‍ය ඇතුළු ක්ෂේත්‍රයන් ගණනාවක සංවර්ධනය හා ප්‍රගමනය සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් ද මේහිදී අදහස් හුවමාරු වී ඇත.

ත්‍රස්තවාදය දුරුකොට සාමය ස්ථාපිත කරලීමේ ව්‍යයායමයට සාර්ක් සංවිධානයේ සියළුම රටවල් දායක කර ගැනීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කර ඇත. සාර්ක් රටවල සාමය වෙනුවෙන් පෙනී සිටින සියළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එක් කර ගනිමින් මේ වෑයමට පදනම දැමීමේ හැකියාව සම්බන්ධයෙන් ද අවධානය යොමුව තිබේ.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6490052961361372499

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item