කෝප් වාර්තාව හෙට මැතිසබයට අර්ජුනට එරෙහිව නීතිමය පියවර ගන්න නිර්දේශ

චෝදනා එල්ල වී ඇති බැඳුම්කර වංචාවට හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් වගකිව යුතු බව පෙනී යන බැවින් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ග...

චෝදනා එල්ල වී ඇති බැඳුම්කර වංචාවට හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් වගකිව යුතු බව පෙනී යන බැවින් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස හෙට (25 දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභා (කෝප්) වාර්තාවෙන් නිර්දේශ කර ඇතැයි කෝප් කමිටු සාමාජිකයෙක්‌ පවසා ඇති බව දිවයින පුවත්පත වාර්තා කරනවා. 

කෝප් කමිටුවට ලැබුණු තොරතුරු අනුව හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් බැඳුම්කර සිද්ධියට වගකිsව යුතු බවට හෙළි වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවට ඇති නිර්දේශයට කෝප් සාමාජිකයන් බහුතරය එකඟතාව පළ කළ බවද එම කෝප් කමිටු සාමාජිකයා පැවසු බවත් කෝප් කමිටුව නියෝජනය කළ එජාප මන්ත්‍රීවරුන් මුල සිටම බැඳුම්කර වංචාවක්‌ සිදු නොවූ බවට සහ ඒ සඳහා අර්ජුන මහේන්ද්‍රන් වගකිව යුතු නැති බවට නිර්දේශ කර ගැනීම සඳහා දිගින් දිගටම උත්සාහ කළ බවද ඒ නිසා ඔවුන් මේ වංචාවට අර්ජුන මහේන්ද්‍රන් වගකිව යුතු බවට ඇති නිර්දේශ සංශෝධනය කර ගැනීම සඳහා අවසන් මොහොත දක්‌වාම බලවත් උත්සාහයක නිරත වූ බවද එහෙත් ඔවුන්ගේ එම උත්සාහය අසාර්ථක වූ බවද ඔහු පවසා තිබේ.

සාමාජිකයන් බහුතරය අනුමත කළ මෙම කෝප් කමිටු වාර්තාවට එකඟ නොවූ කෝප් සභාවේ එජාප මන්ත්‍රීවරුන් විසින් මේ සම්බන්ධයෙන් වෙනම වාර්තාවක්‌ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද නියමිතය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6014636210112719008

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item