මෛත්‍රී බොරුවක් කිවුව්වාද? නෙලුම් පොකුණේ චන්ද්‍රිකාගේ පාලකයා එලෙසම පවතී - මහින්දගෙන් නිවේදනයක්

ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් පොලොන්නරුව පැවති සුගලාදේවි ගම්මාන විවෘත කිරිමේ උත්සවයට ඊයේ සහභාගිවෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා සිටිය...

ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් පොලොන්නරුව පැවති සුගලාදේවි ගම්මාන විවෘත කිරිමේ උත්සවයට ඊයේ සහභාගිවෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා සිටියේ නෙලුම් පොකුණ රඟහල ආරම්භ කිරීමට 2004 වර්ෂයේදි හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් උත්සවාකාරයෙන් මුල් ගල තැබු බවත් ඒ වෙනුවෙන් සමරුඵලකයක් එම භූමියේ ස්ථාපිත කලබවත්ය.

එහෙත් නැවත වරක් 2005 වසරේදි මහින්ද රාජපක්ෂ සමයේ එම සමරු ඵලකය සම්පූර්ණයෙන්ම බුල්ඩෝසර කොට ඉවත්කර ඒ වෙනුවට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරගේ නමින් නව සමරු ඵලකයක් ස්ථාපිත කිරීමේ උත්සවයක් මහ ඉහළින් පැවත්වූ බවත් තමා ඇමතිවරයකු ලෙස ආරාධනාවක් අනුව එහි ගියේ චන්ද්‍රිකා මැතිනිය විසින් මුල්ගල තැබු එම රඟහල ඉදිකොට අවසන් කර ඇති බැවින් එහි විවෘත කිරීමේ අවස්ථාව යයි සිතා බවත්ය.

නමුත් සිදුවූයේ චන්ද්‍රිකා මැතිනිය විසින් තබන ලද සමරු ඵලකය සම්පූර්ණයෙන්ම බුල්ඩෝසර කොට ඉවත්කර ඒ වෙනුවට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරගේ නමින් නව සමරුඵලකයක් ස්ථාපිත කිරීමේ උත්සවයකට සහභාගිවිමට යන්නයි.

එම චෝදනාව ප්‍රතිකේෂ්ප කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ අදටත් නෙලුම් පොකුණ රඟහල පරිශ්‍රයදී චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් තබන ලද එම සමරුඵලකය නිරුපද්‍රිතව ඒ ආකාරයෙන්ම තිබෙන අයුරු එහි යන ඕනෑම අයෙක්ට මේ අයුරින් දැකගත හැකි බවයි.








මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 628991341088116304

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item