ගැටුමක් ඇති නොවන පරිදි පනත ඉදිරිපත් කරන්න ජනපති උපදෙස්

සංඝරත්නය අතරේ අසමගියක්, ගැටුමක් හෝ විවාදයක් ඇති නොවන අයුරින් ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ගේ අවවාද අනුශාසනා ඇතිව විහාර දේවාලගම් පනත ඉදිරිප...

සංඝරත්නය අතරේ අසමගියක්, ගැටුමක් හෝ විවාදයක් ඇති නොවන අයුරින් ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ගේ අවවාද අනුශාසනා ඇතිව විහාර දේවාලගම් පනත ඉදිරිපත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

පනත අද (04) දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණ ද පසුගිය දින කිහිපය තුළ ඇතිවූ විවාදාත්මක තත්ත්වය හේතුවෙන් එය තවදුරටත් ඉදිරියට කල් දමන ලෙසත් නැවතත් සියලුම මහා නාහිමිවරුන්ගේ උපදෙස් ලබා ගනිමින් එය ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසත් තමා බුද්ධ ශාසන අමාත්‍යවරයාට උපදෙස් ලබා දුන් බවයි ජනාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටියේ.

පේරාදෙණිය ප්‍රදේශයේ පැවැති ආගමික උත්සවයකදී ජනාධිපතිවරයා මේ බව පැවසුවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5689604581664780551

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item