උතුරේ හෙට හර්තාලයක්?

යාපනය සරසවියේ ඉගෙනුම ලැබූ සිසුන් දෙදෙනාගේ මරණයට විරෝධය පා හා එහි වරදකරුවන්ට උපරිම දඬුවම් ලබාදීමට පියවර ගත යුතු බව පවසමින් හෙට (25දා) උතුරේ ...

යාපනය සරසවියේ ඉගෙනුම ලැබූ සිසුන් දෙදෙනාගේ මරණයට විරෝධය පා හා එහි වරදකරුවන්ට උපරිම දඬුවම් ලබාදීමට පියවර ගත යුතු බව පවසමින් හෙට (25දා) උතුරේ හර්තාලයක් දියත් කිරීමට දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක් තීරණය කොට ඇතැයි උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ සරසවි සිසුන් දෙදෙනාගේ මියවෑම සම්බන්ධයෙන් ඊයේ (23දා) යාපනයේ මාධ්‍ය සමාජ ගොඩනැගිල්ලේදී දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක සහභාගිත්වයෙන් පැවැති සාකච්ඡාව පිළිබඳ මාධ්‍යයට අදහස් දක්වමිනි.

ටෙලෝ, ඉලංකෙයි තමිල් අරුසුකච්චි, ඊ.පී.ආර්.එල්.එෆ්, ප්ලොට්, දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ හා දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හා දෙමළ ජාතික ජනතා පෙරමුණ මේ සඳහා එක්වෙන බවද ඔහු කීය.

එසේම යාපනයේමෙන්ම උතුරේ සියලුම වෙළෙඳ ව්‍යාපාරික සංගම් හා සිවිල් සංවිධානවල සහායදහර්තාලයට ලැබුණ බව මන්ත්‍රීවරයා කියා සිටියේය.

මියගිය සිසුන් දෙදෙනාගෙන් කිලිනොච්චියේ පදිංචි නඩරාජා ගජන්ගේ අවසන් කටුයුතු ඉරණමඩු පොදු සුසාන භූමියේදී පැවැති අතර, විජය කුමාර් සුලක්ෂණගේ අවසන් කටයුතු අද (24දා) යාපනය උඩුවිල් මල්වම් ප්‍රදේශයේදී සිදු කිරීමට නියමිතය.






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7594292573943859600

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item