සෑම දිනකම ප්‍රාර්ථනා කරන්නේ සම්මුතිවාදී ආණ්ඩුව බිද වැටේවා කියලයි

මින් ඉදිරියට තමන්ට විරුද්ධව කුමන තීරණයක් ගත්තත් තමන් තවදුරත් දේශපාලනයේ රැදි සිටිනවා නම් එක්සත් ජාතික පක්ෂයෙන් පිටින් එන වෙනත් පොදු අපේක්ෂ...

මින් ඉදිරියට තමන්ට විරුද්ධව කුමන තීරණයක් ගත්තත් තමන් තවදුරත් දේශපාලනයේ රැදි සිටිනවා නම් එක්සත් ජාතික පක්ෂයෙන් පිටින් එන වෙනත් පොදු අපේක්ෂකයකුව ජයග්‍රහණය කිරීමට කැපවී වැඩ නොකරන බව රාජ්‍ය ඇමති පාලිත රංග බණ්ඩාර කියයි.

හිරු රූපවාහිනියේ පැවති ‘හාඞ් ටෝක්’ වැඩසටහනේදී ඔහු කියා සිටියේ තමන් සෑම දිනම රාත්‍රි නින්දට යද්දි ප්‍රාර්ථනා කරන්නේ මේ සම්මුති ආණ්ඩුවන් අවසන් වී එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් හැදෙන්න කියා බවත් උදේ නැගිටිලා ඇදෙන් බහින්නේත් අද දවස ඇතුළත මේක ඉවරවෙලා එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව බිහිවෙන්නැයි පතමින් බවත්ය.

ආණ්ඩුවට වසරක් ගතවී ඇතත් අමාත්‍යාංශය මට්ටමේ තිබෙන ප්‍රශ්න විසදීමට රජයකට බැරි නම් ගමේ ප්‍රශ්න විසඳන්නේ කෙසේද යන්න වැඩසටහන මෙහෙය වූ නිවේදකයා ප්‍රශ්න කල විට රාජ්‍ය අමාත්‍ය වරයා පිලිතුරු දෙමින් කියා සිටියේ තමන්ටද ඒ ප්‍රශ්න වගකිය යුතු මහත්වරුන් වෙත යොමු කරන බවය.






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1710889607800305854

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item