මං වෙඩි තියන්නේ රාජකාරි පිස්‌තෝලයෙන් නොවේ - රේගු අධ්‍යක්‍ෂ තර්ජනය කරයි

රේගු බලධාරීන්ගේ වංචා හා දූෂණ ජනාධිපතිවරයාට සහ මාධ්‍යයට හෙළි කරන බවට චෝදනා කරමින් රේගු අධ්‍යක්‍ෂවරයකු පසුගිය සිකුරාදා සවස ශ්‍රී ලංකා නිදහස...

රේගු බලධාරීන්ගේ වංචා හා දූෂණ ජනාධිපතිවරයාට සහ මාධ්‍යයට හෙළි කරන බවට චෝදනා කරමින් රේගු අධ්‍යක්‍ෂවරයකු පසුගිය සිකුරාදා සවස ශ්‍රී ලංකා නිදහස්‌ රජයේ වෘත්තීය සමිති සංගමයේ ප්‍රධාන ලේකම් ඩබ්ලිව්. එම්. ආර්. පී. විඡේකෝන්ට මරණීය තර්ජන එල්ල කර ඇත. 

'දැනගනිං... මම වෙඩි තියන්නේ රාජකාරි පිස්‌තෝලයෙන් නොවේ....' යෑයි කියමින් පරුෂ වචනයෙන් බැණ වදිමින් යටිගිරියෙන් උස්‌ හඬින් රේගු අධ්‍යක්‍ෂ පී. සමන් ද සිල්වා නමැත්තා තමන්ට මරණීය තර්ජන එල්ල කළ බව විඡේකෝන් කොටුව පොලිසියට පැමිණිලි කර ඇත.

කොටුව රේගු මූලස්‌ථානයේ හතරවැනි මහලේ පිහිටි තම සේවා ස්‌ථානය වෙත පැමිණෙමින් සිටියදී මෙම තැනැත්තා තමන්ට මරණ තර්ජන එල්ල කළේ විදුලි සෝපාන තුළදී බව ද විඡේකෝන් මහතා පොලිසියට මෙන්ම මානව සම්පත් කළමනාකරණ අංශයේ අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

ඔහුගේ තර්ජනාත්මක ප්‍රකාශය අනුව පැහැදිලි වන්නේ රාජකාරි පිස්‌තෝලයට අමතරව ඔහු සතුව තවත් ගිනි අවියක්‌ ඇති බව යෑයි ද විඡේකෝන් මහතා පැමිණිලි කර තිබේ.

තමන්ට තර්ජනය කළ පුද්ගලයාට එරෙහිව කඩුවෙල අධිකරණයේ නඩුවක්‌ ඇතැයි ද එම නඩුවේ චෝදනාව වී තිබෙන්නේත් පුද්ගලයකුට බත්තරමුල්ලේදී මරණ තර්ජන කර වෙඩි තැබීම සම්බන්ධයෙන් බව ද පවසන විඡේකෝන් මහතා, ඇප මත නිදහස්‌ව සිටින මෙම පුද්ගලයා රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ සමීපතමයකු ලෙස ප්‍රසිද්ධ බව ද සඳහන් කරයි.

ඉදිරියේදී තම ජීවිතයට යම්කිසි හානියක්‌ සිදුවුවොත් මෙම රේගු අධ්‍යක්‍ෂවරයා වගකිවයුතු බව ද එනිසා තම ආරක්‍ෂාව සඳහා රේගු නියාමක නිලධාරීන් දෙදෙනකු හා රේගු පරීක්‍ෂකවරයකු, පොලිස්‌ නිලධාරියකු හෝ පෞද්ගලික ගිනි අවියක්‌ සහිතව යොදවන ලෙස ද ඉල්ලා සිටී.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4006248662881281684

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item