හැකිනම් අලුත් පක්‌ෂයක්‌ හදල පෙන්වන්න

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය දෙකඩ කර අලුත් පක්‌ෂයක්‌ හදන බවට පුරසාරම් දොඩන අයට පුළුවන්නම් අලුත් පක්‌ෂයක්‌ හදා එහි තනතුරු ගෙන පෙන්වන ලෙස තමන්...

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය දෙකඩ කර අලුත් පක්‌ෂයක්‌ හදන බවට පුරසාරම් දොඩන අයට පුළුවන්නම් අලුත් පක්‌ෂයක්‌ හදා එහි තනතුරු ගෙන පෙන්වන ලෙස තමන් අභියෝග කරන බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ තරුණ සංවිධානයේ සභාපති හිටපු නියෝජ්‍ය ඇමති ශාන්ත බණ්‌ඩාර පැවසීය.

සුළු පිරිසක්‌ පක්‌ෂය තුළ සිටිමින් නායකත්වය විවේචනය කරමින් පක්‌ෂය දෙකඩ කිරීමේ කොන්ත්‍රාත්තුවක්‌ භාරගෙන සිටින බව හෙතෙම කීය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය ඉතිහාසය පුරාම මෙවැනි අභියෝග රැසකට මුහුණ දී තිබෙන බවත් එවැනි පසුබිමක මේ දෙතුන් දෙනාට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයට අභියෝග කළ නොහැකි බව පැවසීය.

අලුත් පක්‌ෂයක්‌ හදනවා කියමින් මේ දෙතුන් දෙනා පාක්‌ෂිකයින් නොමඟ යවමින් සිටින බවත් හැකිනම් අලුත් පක්‌ෂයක්‌ පිහිටුවන ලෙස ඔවුන්ට අභියෝග කර සිටින බවද ශාන්ත බණ්‌ඩාර වැඩිදුරටත් කීය.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4182880611499460845

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item