විමල් වීරවංශගේ නිවසේදී මියගිය තරුණයාගේ මරණ පරීක්‍ෂණ වාර්තාව එයි
ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලාමේන්තු මන්ත‍්‍රී විමල් විරවංශ මහතාගේ නිවසේ සිටියදී මියගිය 24 හැවිරිදි තරුණයාගේ මරණය හදිසියේ ඇති වූ හෘදයාබ...
http://www.sathhanda.com/2016/10/blog-post_598.html
ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලාමේන්තු මන්ත‍්‍රී විමල් විරවංශ මහතාගේ නිවසේ සිටියදී මියගිය 24 හැවිරිදි තරුණයාගේ මරණය හදිසියේ ඇති වූ හෘදයාබාධයක් නිසා සිදු වූ ස්වභාවික මරණයක් බව ඒ සම්බන්දයෙන් පැවැත්වූ මරණ පරීක්‍ෂණයේ වාර්තාව සදහන් කරයි.
කිසිදු පහර දීමක් හෝ සැක සහිත සීරීම් සලකුණක් සිරුරේ නැතැයිද එහි සදහන්ය.
මියගිය තරුණයාගේ පවුලේ ඥාතීන්ද එම පරීක්‍ෂ වාර්තාව සම්බන්ධයෙන් සෑහීමකට පත්ව ඇති අතර මියගිය තරැණයාගේ මව ඊයේ දිනයේ කියා සිටියේ තරැණයාගේ පියාද මිය ගියේ මේ ආකාරයෙන්ම බවයි.
කෙසේ වෙතත් තරුණයාට හෘදයාබාදයක් ඇති වූයේ කෙසේදැයි පරීක්‍ෂණයක් සිදුකිරීමට කටයුතු කරමින් ඇතැයිද වාර්තා වෙයි.
Related