ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද(31) රැස්වීමට නියමිතය. ඒ පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. ...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද(31) රැස්වීමට නියමිතය.

ඒ පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

අද රාත්‍රී 07.00 ට ජනාධිපති නිල නිවසේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

අද දිනයේ පැවැත්වෙන මධ්‍යම කාරක සභාව සඳහා සියලු නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට සහභාගී වන ලෙස දැනුම් දී ඇති බව ද වාර්තා වෙයි.

වර්තමාන දේශපාලන තත්ත්වය ඉදිරි අයවැය සහ පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1951767335576677658

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item