සාලාවේ ජනතාව අඛණ්ඩ සත්‍යග්‍රහයකට සැරසෙති
අවි ගබඩාව පිපිරීම නිසා නිවාස, දේපළ, භාණ්ඩ හා වගා භූමි විනාශයටපත් ජනතාවට නිසිලෙස වන්දි මුදල් ලබා නොදීමට එරෙහිව නොවැම්බර් මස 03 වන දින සිට අඛ...

https://www.sathhanda.com/2016/10/blog-post_615.html
නිවාස හා වෙළෙඳ ව්‍යපාර අහිමි වූ පුද්ගලයන්ට ඊට අදාළ වන්දි මුදල් ලබාදෙන බවට සඳහන් කළත්, එම කටයුතුත් නිසිලෙස සිදු නොවන බවත්, වගා හානි ගණනය කිරීම හා තුන්වන පාර්ශ්වයට අයත් රථවාහන සඳහා වන්දි ලබාදීම ගණනය කිරීමවත් මෙතෙක් සිදුකර නොමැති බවද පවසා සිටියේය.මේ පිළිබඳව අවස්ථා ගණනාවකදී බලධාරීන් සමග සාකච්ඡා කළත් ඊට නිසි විසඳුමක් මෙතෙක් ලැබී නොමැති අතර, මෙයින් 2070කට අධික පවුල් ප්‍රමාණයක් දැඩි පීඩාවට ලක්ව තිබෙන බවද ලේකම්වරයා සඳහන් කළේය.
වන්දි ගණනය කළ නිවාසවලට පවා වන්දි ලබාදීමේදී රුපියල් ලක්ෂ 10කට වැඩි වන්දි මුදල්වලින් මෙතෙක් ලබාදී තිබෙන්නේ 50%ක ප්‍රමාණයක් බවද පවසා සිටියේය.මේ නිසා තමන්ට සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලා සාලාව නගරයේදී මෙම උපවාසය ආරම්භ කිරීමට සැලසුම්කර තිබෙන බවත්, එය මාරාන්තික උපවාසයක් දක්වා වුවද ක්‍රියාත්මක විය හැකි බවද චන්දන සූරියආරච්චි මහතා පවසා සිටියේය.
Related