ජනාධිපති හීනෙන් බයවෙලා - චන්ද්‍රිකා ගැනත් විමර්ශන ඕනෑ

බලය තමා වටා කේන්ද්‍ර කරගනිමින් බලය සම්පූර්ණයෙන්ම අතට ගැනීමේ වැඩපිළිවෙළක අග්‍රාමාත්‍යවරයා සිටි බව කල්තියාම දැනගෙන සිටි බව පාර්ලිමේන්තු මන්...

බලය තමා වටා කේන්ද්‍ර කරගනිමින් බලය සම්පූර්ණයෙන්ම අතට ගැනීමේ වැඩපිළිවෙළක අග්‍රාමාත්‍යවරයා සිටි බව කල්තියාම දැනගෙන සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානයක්කාර පවසයි.

එහෙත් ජනාධිපතිවරයා ඒ බව දැනගෙන ඇත්තේ ඉතාම මෑතකදී බව නානයක්කාර මහතාකියා සිටියේ අද(17)කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

FCID,CID හා අල්ලස් කොමිසම දේශපාලන න්‍යායපත්‍ර අනුව කටයුතු කරන්නේනම් තමා දැඩි තීරණ ගන්නා බවට ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරනු ලැබුවේ නින්දෙන් බියකරු හීනයක් දැක ඇහැරීමෙන් බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

FCID කණ්ඩායම ස්වභාවික යුක්තියේ මූලධර්මයන්ට, නීතියේ ආධිපත්‍යයට හා ස්වාධීන කොමිෂන් සභා සඳහා වන ව්‍යවස්ථාපිත විධි නියෝගයන්ට පටහැණි බව ද ඔහු පෙන්වා දුන්නේය.

හිටපු ජනාධිපතිනියට අදාළව අල්ලස්,දූෂණ හා අක්‍රමිකතා වැරදි සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නි‍ර්දේශ කරනු ලැබ ඇති බවත්,ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒ පිළිබඳ විමර්ශනය සිදුකරමින් පවතින බවට වාර්තාවන තත්ත්වයක් තුළ ඇයද මෙම කමිටුවේ සිටීම කම්පාවීමට කරුණක් බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

මෙම මාධ්‍ය හමුවට එක්වූ සමාජවාදී ජනතා පෙරමුණේ ප්‍රධාන ලේකම් රාජා කොල්ලුරේ කියා සිටියේ FCID යනු පොලීසිය නොවන බව හා වැරදිකරුවන්ට පොලීසිය හෝ නීතිමය ආයතනයක් මගින් පරීක්ෂණ කිරීම ගැටළුවක් නොවන බවයි.

එහෙත් මෙම ආයතනයේ වගකිවයුත්තන් ලෙස සිටිනුයේ අග්‍රාමාත්‍යවරයා,හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක,අමාත්‍ය සාගල රත්නායක,අමාත්‍ය සරත් ෆොන්සේකා,අමාත්‍ය චම්පික රණවක,අනුර කුමාර වැන්නන් බැවින් එය බැලූ බැල්මටම දේශපාලනික ව්‍යාපෘතියක් බැව් පෙනෙන බව කොල්ලුරේ සඳහන් කළේය.

FCID කමිටුව නියෝජනය කරන එකදු ශ්‍රීලනිප නියෝජිතයෙකු හෝ නොමැති බවද ඔහු මෙහිදී සිහිපත් කළේය.

මෙම ආයතනය විසින් සිදුකරනු ලබන පරීක්ෂණ මොනවාද යන්න පිළිබඳ පොලිස්පතිවරයා හෝ නොදන්නා බව හෙතෙම කියා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1593379229882284448

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item