කෝ මේ මහාචාර්ය තුමා? - ප්ලැටිනම් වලින් හදන යහපාලන පාරවල්

රාජපක්ෂ යුගයේ මහාමාර්ග වලට යන වියදම ඉතා ඉහල බව කියමින් ජනාධිපතිවරණය ආසන්න කාලයේ පුවත්පත් වලට ලිපි ලියමින් මහා ආන්දෝලනයක් කල හිටපු ජාතික ප...

රාජපක්ෂ යුගයේ මහාමාර්ග වලට යන වියදම ඉතා ඉහල බව කියමින් ජනාධිපතිවරණය ආසන්න කාලයේ පුවත්පත් වලට ලිපි ලියමින් මහා ආන්දෝලනයක් කල හිටපු ජාතික ප්‍රවාහන කොමිසමේ හිටපු සභාපතිවරයෙකුද වන මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අමල් කුමාරගේ අද යහපාලන රජයේ උපදේශකයෙකි.

ජනාධිපතිවරණය ඔන්න මෙන්න කියා පාවෙන චන්දවලට රාජපක්ශ රජය ගැන අඳුරු චිත්‍රයක් මවන්නට රට පිලිගත් විද්වතෙකු ලෙස ඔහු එදා විශාල කාර්ය භාරයක් ඉටුකලේය.

එහෙත් එදා මෙදාතුර මහාචාර්ය අමල් කුමාරගේද උපදේශකයෙකු වන යහපාලන රජය යටතේ අධිවේගී මාර්ග තැනීමේ වියදම වැඩි වූවා මිස අඩු වුයේ නම් නැත. මහජනතාවට බොරුකීම රැකියාව කරගත් කැබිනට ප්‍රකාශක රාජිත සේනාරත්න ඇමතිවරයානම් වරක් මාද්‍යයට ප්‍රකාශ කලේ මධ්‍යම අදිවේගී මාර්ගය සෑදීමට රජපක්ශ රජය එකඟ වී තිබුන මුදලින් 30% අඩු කිරීමට චීන සමාගම එකඟ වූ බවයි. නමුත් පසුදිනම මාධ්‍ය ඇමතූ චීන තනාපතිවරයාකීවේ ඇමතිවරයා කියන්නේ අමූලික බොරු බවයි.

පසුගිය ඉරිදා සන්ඩේ ටයිම්ස් පුවත් පතේ මුල් පුවත වූයේ මධ්‍යම අධිවේගී මාර්ගය සෑදීමේ වියදම නව කොන්ත්‍රත්තු යටතේ රුපියල් බිලියන 12 කින් ඉහල ගොස් ඇති බවයි.

අපි දැන් ජාති මාමක මහාචාර්ය වරයා සොයමින් සිටිමු. සුද්ධ සිංහලෙන් කියනවා නම් ඒ අපිව එදා ගොනාට ඇන්දුවේ මන්දැයි අසා ගැනීමටය. මහාමාර්ග හදන්නට යන වියදම ගැන එදා තිබුනු අමාරුව අද නැත්තේ මන්දැයි මහාචාර්ය අමල් කුමාරගේ මහතා ජනතාවට පහදනවා ඇතැයි අපි විශ්වාස කරමු.









-Viyathmaga



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

කාලීන 9219884276226094584

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item