මැනුම්සිරි අසිරිය ගෙනා කුසුම්සිරි

මෙරට ජන සමාජය තුළ සමාජගතවූ ඓතිහාසික චරිතයක්වූ රජයේ මිනින්දෝරුවන්ගේ වෘත්තීය ජීවන රටාවේ කැපකිරීම් සහ අභියෝගයන් මෙන්ම රසමුසු තැන්ද , අත්දැක...


මෙරට ජන සමාජය තුළ සමාජගතවූ ඓතිහාසික චරිතයක්වූ රජයේ මිනින්දෝරුවන්ගේ වෘත්තීය ජීවන රටාවේ කැපකිරීම් සහ අභියෝගයන් මෙන්ම රසමුසු තැන්ද , අත්දැකීම්ද අළලා ලියන ලද පිටු 384කින් යුත් ග්‍රන්ථයක් දැන් නිකුත්වී තිබේ. මිනින්දෝරුවෙකු ලෙස දශක දෙකක් පමණ රජයේ සේවයේ නිරතවූ වසර 27 අත්දැකීම් ඇති වර්තමානයේ බලයලත් මිනින්දෝරුවෙකු වන සුනිල් කුසුම්සිරි එහි කතුවරයාය.

පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව තෙත් සියළු ගම් නියම්ගම්හි දිවා රෑ නොතකා කැපවූ රජයේ මිනින්දෝරුවන් විවිධ යුගවල මුහුණපෑ රසවත් අත්දැකීම් සිතුවම් පටයක් මෙන් මෙම ග්‍රන්ථය මගින් පාඨකයන්ට විවරකර දී ඇත. මිනින්දෝරු වෘත්තිකයන් පිළිබඳව මෙවන් ග්‍රන්ථයක් නිකුත්වී ඇත්තේ ප්‍රථමවරටය. 

අද වන විට ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍යය පරිපාලන ජාලය ස්ථාපිත කර වසර 218ක් ගෙවී ගොස් ඇත. සිවිල් සේවය ස්ථාපිතකර වසර 215කි. පරිපාලන සේවය ස්ථාපිතකර වසර 53කි. ප්‍රථම රාජ්‍ය දෙපාර්තමේන්තුවවු ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව පිහිටවූයේ 1800 අගෝස්තු 2වැනිදාය. ඒ අනුව මිනින්දෝරු සේවයේ ඉතිහාසය වසර 216කි. එම වංශකථාවේ ත්‍රාසය, භීතිය මුසු අත්දැකීම්ද සහිතව ජේෂ්ඨ මිනින්දෝරුවන් විසින් මිනින්දෝරු දිවියේ සොදුරු මතකයන් පිළිබඳව ආවර්ජනය කරන ලද කථා පුවත් 59ක් මායිම්ගල ග්‍රන්ථයට අයත්ය. 

රජයේ මිනින්දෝරුවෝ දිවා රෑ නොතකා කැපවූවෝ වෙති. දුෂ්කර ප්‍රදේශයන්ගේ ජනතාවගේ වේදනාබර කටුක අත්දැකීම් මෙන්ම, සොබාව සෞන්දර්යයෙන් අනූනවූ ගම්මානවල අසිරියෙන් ඔවුන්ගේ රාජකාරි දිවිය පොහොසත්ය. සියවස් දෙකකට අධික කාලයක් පැවතුණු කඳවුරු දිවිය එහි සොදුරු මෙන්ම රසවත් වංශ කථාවකි. කතුවරයාවන සුනිල් කුසුම්සිරි මායිම්ගල ග්‍රන්ථයෙන් එය අපූරුවට ගෙන හැරදක්වයි. මිනින්දෝරුවෙකුගේ වෘත්තීය දිවිය ගෙවුණු ආකාරය කථාංගයක් ලෙස ඉන් එළි දක්වා තිබේ.

එදා බ්‍රිතාන්‍ය පරිපාලන ජාලය තුළද ශ්‍රී ලංකාවේ සාහිත්‍ය සහ කලා කේෂේත්‍රයේ නිරත වුණු පිරිස අතර ජෝන් ඩෙයිලි, විලියම් ග්‍රැන්විල්, රැල්ෆ් හෙන්රි බැසට්, හ්‍යූ ක්ලිෆර්ඩ්, තෝමස් ස්ටීල්, ලෙනාඩ් වුල්ෆ්, එස්.සී.ඩබ්ලිව් රොක් ඇතුළු පිරිසක් විය. පසුකාලීනව සිවිල් සේවය තුළද විමලරත්න කුමාරගම, සරත් අමුණුගම, ආරියවංශ රණවීර, ජයසුමන දිසානායක, ස්වර්ණා සුමනසේකර, ප්‍රේමණී සභාරත්නම්, රූපා ඒකනායක, එරික් ඉලයප්ආරච්චි, සුමිත්‍රා රාහුබද්ධ, අශෝක කොලඹගේ, තිල්ලෙයි නඩරාජා, ජයන්තා රුක්මනී සිරිවර්ධන, එඩ්මන් ජයසූරිය ඇතුළු පිරිසක්ද එම සාහිත්‍ය පෝෂණය කිරීමට එක්විය. එම සාහිත්‍ය කෙත අස්වැද්දුමෙහි යෙදුණු මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් බිහිවූ සුනිල් කුසුම්සිරි එම පරපුරට අයත්වන බව මායිම්ගල කෘතිය මගින් ඉතිහාසයට පසක් කර ඇත. 

මිනින්දෝරුවන්ගේ ජිවිතය රසබරය. සොඳුරුය. මායිම්ගල කෘතිය පිළිබඳ විස්තර 077-7582588 අංකය ඇමතීමෙන් විමසිය හැකිය. ලාංකීය මිනින්දෝරුවන් මායිම්ගලෙන් ගෙත්තම් කල මුළු රටම මැනීමකල කථාන්දරය සුවබරය. සෝබරය. රසබරය. කටුකය. එමෙන්ම ත්‍රාසජනකය. සුනිල් කුසුම්සිරිගේ මායිම්ගල ග්‍රන්ථය එහි මාහැඟි කැඩපතකි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විශේෂාංග 7422872445784746931

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item