විහාර දේවාලගම් පනත ගැන අවසන් තීන්දුව අද
ථේරවාදී කතිකාවත් පනත් කොටුම්පත හා විහාර දේවාලගම් සංශෝධිත පනත් කෙටුම්පත් මෙම මස මුල් සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. එබැ...

https://www.sathhanda.com/2016/10/blog-post.html
එබැවින් ඒ පිළිබඳ ත්‍රෛනිකායික මහනායක හිමියන් හමුවී අවසන් සාකච්ඡා පැවැත්වීම සඳහා බුද්ධශාසන හා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අද (01) පෙරවරුවේ මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් හා අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන හිමියන් හා රාමඤ්ඤ නිකායේ මහනායක අතිපූජ්‍ය නාපාන පේමසිරි හිමියන් මුණ ගැසීමට නියමිතය.
අද දින මහනායක හිමවරුන් සමඟ පවත්වන මෙම අවසන් සාකච්ඡාවෙන් අනතුරුව මෙම පනත් කෙටුම්පත මේ සතිය ඇතුළතදී පාර්ලිමේන්තුවේ විවාදයට ගනු ඇති බව අධිකරණ හා බුද්ධශාසන අමාත්‍යංශය පවසයි.
Related