ඉන්දීයාවේ දුම්රියක් පීලි පැනීමෙන් 91ක් මරුදකී

ඉන්දියාවේ, උතුරුදිග උත්තර් ප්‍රදේශ් හිදී මගී දුම්රියක් පීළි පැනීමෙන් පුද්ගලයන් 91 දෙනෙකුවත් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි. ඉන්දොර්...

ඉන්දියාවේ, උතුරුදිග උත්තර් ප්‍රදේශ් හිදී මගී දුම්රියක් පීළි පැනීමෙන් පුද්ගලයන් 91 දෙනෙකුවත් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.

ඉන්දොර්-පට්නා ශීඝ්‍රගාමී දුම්රිය මෙම අනතුරට මුහුණ පා ඇති අතර, දුම්රිය පීලි පැනීමත් සමග එහි මැදිරි 14ක්ම රේල් පාරෙන් ඉවතට පැමිණ ඇති බව විදෙස් වාර්තා පවසයි.

කන්පූර් නගරය ආසන්නයේදී එරට වේලාවෙන් අලුයම 3.00 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, සිද්ධියෙන් තවත් 120කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවද විදෙස් වාර්තා පවසයි.

අනතුර සිදුවන අවස්ථාවේදී වැඩි දෙනෙකු නින්දේ පසුවී ඇති බවත්, මුදාගැනීමේ කණ්ඩායම් විසින් තුවාලකරුවන් රෝහල්වෙත යොමුකර ඇති බවත් විදෙස් වාර්තා පවසයි.

මෙම අනතුර වචනයෙන් විස්තර කළ නොහැකි වේදනාවක් ඇති කළ බව අගමැති නරේන්ද්‍ර මෝදි පවසයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 2682146737218827082

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item