ජංගම දුරකථන බැටරියෙන් අලි වැටට විදුලිය

ජංගම දුරකථන බැටරියක් මගින් අලි ආරක්ෂිත විදුලි වැටකට අවශ්‍ය විදුලිය ක්‍රියාත්මක කිරීමේ නව උපකරණයක් නිපදවීමට දිඹුලාගල මනම්පිටිය නගරයේ තරුණයෙක...

ජංගම දුරකථන බැටරියක් මගින් අලි ආරක්ෂිත විදුලි වැටකට අවශ්‍ය විදුලිය ක්‍රියාත්මක කිරීමේ නව උපකරණයක් නිපදවීමට දිඹුලාගල මනම්පිටිය නගරයේ තරුණයෙක් සමත්ව සිටියි. මනම්පිටිය දුම්රියපොළ ඉදිරිපිට පදිංචි එම්.මහේෂ් තරංග දේශප්‍රිය (30) මෙම උපකරණයේ නිමැවුම්කරුවා වෙයි. අවුරුදු එකහමාරක කාලයක් තිස්සේ සිදු කළ අධ්‍යයනයකින් පසු ඊයේ (07දා) ඔහු විසින් අක්කර 50 ක් වටා දිවෙන විදුලි වැටකට මෙම උපකරණය ක්‍රියාත්මක කර සක්‍රිය කරනු ලැබීය.

අක්කර 50 දක්වා ඇති ගොවිපොළවල්, ගෙවතු වන අලින්ගෙන් ආරක්ෂා කර ගැනීමට ඉදිකර ඇති විදුලි වැටට අවශ්‍ය විදුලිය මෙම උපකරණය මගින් ඉතා පහසුවෙන් ඕනෑම ගොවි මහතෙකුට සවිකරගත හැකි අතර, මෙමගින් වාසි රැසක්ද ඇති බව දේශප්‍රිය මහතා පෙන්වා දෙයි. 
තම නිර්මාණය පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,


"කිලෝ එකක් පමණ බර මෙම විදුලි උපකරණය ඕනෑම ජංගම දුරකථන ආ‍රෝපණයක් මගින් ආරෝපණය කරගත හැකි අතර, මෙමගින් කිලෝ වොට් 9 ක විදුලි ධාරිතාවක් විදුලි වැටේ ගමන් කරවීමට හැකියාව පවතිනවා. ඒ වගේම මෙම විදුලි උපකරණය ඕනෑම ජංගම දුරකථන ආරෝපණයක් මගින් ආරෝපණය කරගන්න පුළුවන්. මේක නිපදවා තියෙන්නේ ජංගම දුරකථන බැටරියකින් වගේ විදුලි උපකරණ කිහිපයකින්. මෙම උපකරණය මනම්පිටියේ මහවැව විදුලි වැටකට සම්බන්ධ කළා.

අක්කර 50 ගොවිපොළක් වටා කිලෝ මීටර් 12 ක් විතර දුරට ගමන් කරන ඒ විදුලි වැටට මේක සම්බන්ධ කළාම කිලෝ වොට් 7.7 ක් ගමන් කරනවා. ඕනෑම අයෙකුට මේ උපකරණය ගොවිපොළට, කුඹුරට ගෙන යන්න පුළුවන් වගේම සවිකරගන්නත් පුළුවන්. විදුලි වැටේ කොළ අතු වැදුණාම විදුලිය විසන්ධි වෙන්නේ නැහැ. එක ජංගම දුරකථන බැටරියක විදුලිය අඩු වුණාම මේකේ තවත් බැටරියකින් විදුලිය ගන්න පුළුවන්. මම අවුරුදු 1 ½ ක් මේ ගැන අධ්‍යයනය කළා. මා දන්නා තරමින් අපේ රටේ හෝ ලෝකයේ මෙතෙක් මේ වගේ සරල විදුලි උපකරණයක් නිපදවා නැහැ. මම මේක හැදුවේ අපේ රටේ අසරණ ගොවි මහතුන් වන අලි නිසා විඳින දුක් ගැන හිතලයි.


වන අලි ගෙවතු වලට, කුඹුරුවලට පැනලා සිදුකරන හානිය මේ සරල උපකරණයෙන් වළක්වා ගන්න පුළුවන්. ඒ ගැන මම අත්හදා බැලුවා. මේකෙන් අලියාටත්, මිනිසාටත්, පරිසරයටත් කිසිම හානියක් නැහැ. මම පළමුව අක්කර 05 ක විතර ගෙවත්තකට මේ විදුලි උපකරණය සවි කළා. ඒ සාර්ථකවීම අක්කර 50 දක්වා වැඩි කරගත්තා. මේ උපකරණය ඉතා සරලයි. කිලෝ එකයි බර, ඕනෑම ගොවි මහතෙකුට විදුලි වැටට ඉතා පහසුවෙන් මේ උපකරණය සම්බන්ධ කරගන්න පුළුවන්. මේකේ ගොඩක් වාසි තියෙනවා. මගේ එකම ඉල්ලීම මේක කරගෙන යන්න මට පේටන් බලපත්‍රය ඉක්මනින් ලබාදෙන්න ජනාධිපතිතුමා මැදිහත් වෙන්න කියන එකයි." යැයිද පවසා සිටියේය.
මනම්පිටිය - නිමල් ජයරත්න 

  



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1843551680907713458

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item