රාජ්‍ය නිලධාරීන්ට වැඩ කිරීමට ඉඩක් නෑ

රාජ්‍ය නිලධාරීන්ට තීරණ ගැනීමට සහ වැඩ කිරීමට වත්මන් පාලන සමය තුළ ඉඩක් නොමැති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. මාතර දිස්ති‍්...

රාජ්‍ය නිලධාරීන්ට තීරණ ගැනීමට සහ වැඩ කිරීමට වත්මන් පාලන සමය තුළ ඉඩක් නොමැති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. මාතර දිස්ති‍්‍රකයේ පැවති සම්මන්ත්‍රණයක් අමතමින් ඊයේ (27දා) ඔහු මේ බව පැවසීය.

අපිට ඒ කාලෙයේ නිදහස තිබුණා හැකියාව තිබුණා තීරණ ගන්න. නමුත් මේ රජය ආවම රාජ්‍ය නිලධාරීන්ට තීරණ ගන්න නිදහසක් ඇති බව අපි දකින්නේ නැහැ.

නිලධාරීන් ගන්න සමහර තීරණ අවදානමක් සහිතව තමයි ගන්නේ. එවැනි තීරණ නිසා තමයි රටක් ඉදිරියට යන්නේ. අද රාජ්‍ය සේවකයෝ එහෙම තීරණ ගන්නෙ නැත්තේ එහෙම ගත්ත තීරණ නිසා අපිට අදවන විට මූල්‍ය අපරාධ කොට්ඨාසයට යන්න වෙලා තියෙන නිසයි.

මම යුද හමුදාවට බැඳිලා එහි සේවය කළේ එජාප රජය යටතේයි. මගේ සහෝදරයන්, දෙමාපියන් සියලුදෙනා ශ්‍රී ලකා නිදහස් පක්ෂයේ හිටියත් මම රාජ්‍ය නිලධාරියෙක් හැටියට දේශපාලනය ගාව ගත්තෙ නැහැ.






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1567893339386971451

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item