තිස්ස දේශපාලන සිරකරුවෙක් - මහින්ද

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව ගොනුකර ඇති චෝදනා මුළුමනින්ම දේශපාලන පලිගැනීමක් මත සිදුකරනු ලැබුවක් බවත්, එ...

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව ගොනුකර ඇති චෝදනා මුළුමනින්ම දේශපාලන පලිගැනීමක් මත සිදුකරනු ලැබුවක් බවත්, එහෙයින් මේ වනවිට රිමාන්ඩ් භාරයේ පසුවන ඔහු පැහැදිලිවම දේශපාලන සිරකරුවකු ලෙස සැලකිය යුතු බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා එබව සඳහන් කලේ රෝගී තත්වයෙන් පසුවන තිස්ස අත්තනායක මහතාගේ සුවදුක් බැලීම සඳහා ඊයේ (21) පස්වරුවේ බොරැල්ල බන්ධනාගාර රෝහලට ගොස් එමින් සිටියදී මාධ්‍යවේදීන් කල විමසීමකදීය.

තිස්ස අත්තනායක මහතා සිරගත කිරීම සඳහා 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුති පනත (ICCPR ) යොදා ගෙන ඇතැයි පැවසු මහින්ද රාජපක්ෂ මහතා, එකී පනතට අනුව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කළ පළමු ශ්‍රී ලංකිකයා අත්තනායක මහතා බව කියා සිටියේය.

කුඨ ලේඛන සැකසුවේ යයි කියමින් අත්තනායක මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ, ජන වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙළඹවීම යන චෝදනාව මත බව සඳහන් කල රාජපක්ෂ මහතා, එම ලේඛනය මගින් ජන වාර්ගික හෝ ආගමික වෛරය උසිගන්වීමක් නොවන බව පවසමින් මෙය පැහැදිලිවම දේශපාලන පලිගැනීමක් බව අවධාරණය කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5638760625083195184

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item