ස්‌ට්‍රයික්‌ කරන අය අත්අඩංගුවට ගන්නැයි ගැමුණු කියයි

බස් සංගම් කිහිපයක් එක්වී ලබන දෙසැම්බර් පළමුවැනිදා පැවැත්වීමට සූදානම් වන දීප ව්‍යාප්ත බස් වර්ජනය අර්ථ විරහිත ක්‍රියාවක් බවත් එලෙස වර්ජනයේ න...

බස් සංගම් කිහිපයක් එක්වී ලබන දෙසැම්බර් පළමුවැනිදා පැවැත්වීමට සූදානම් වන දීප ව්‍යාප්ත බස් වර්ජනය අර්ථ විරහිත ක්‍රියාවක් බවත් එලෙස වර්ජනයේ නියැලෙන්නන් අත්අඩංගුවට ගතයුතු බවත් සමස්ත ලංකා පෞද්ගලික බස් සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.

ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා, "අපි මේ වැඩ වර්ජනයට සම්බන්ධ වෙන්නේ නැහැ. මේ රුපියල් 25,000 දඩය යෝජනාවක්‌ විතරයි. පාර්ලිමේන්තු පනතකින් මේක සම්මත වෙන්න ඕනෑ. තාම මේක පනතකින් සම්මත කරලා නැහැ. නීතිපති දෙපාර්තමේන්තුව හා ප්‍රවාහන අමාත්‍යාංශය එකතුවෙන් මේ දේ වෙන්න ඕනෑ. මේකට තාම නීතියක්‌ නැහැ. නීතියක්‌ නැත්නම් අපි මොකටද වර්ජනය කරන්නේ.

අනෙක්‌ බස්‌ සංගම් මේ වර්ජනය කරන්නේ කරුණු හරිහැටි තේරුම් අරන් නොවෙයි. මම නම් කියන්නේ 01 වැනිදා, මේ ස්‌ට්‍රයික්‌ කරන අය අත්අඩංගුවට ගන්න කියලයි. මොකද බොරුවට මඟී ජනතාව අමාරුවේ දාන නිසා." යනුවෙන් කියාසිටියේය.

මේ අතර සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සමිති සම්මේලනයේ සභාපති ස්ටැන්ලි ප්‍රනාන්දු මහත් ප්‍රකාශ කරන්නේ කුමන තර්ජන ආවත් බස්‌ සංගම්, ත්‍රිරෝද සංගම්, පාසල් වෑන් රථ ඇතුළු සංගම් 100 ක එකතුවෙන් දෙසැම්බර් 01 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට දිවයිනේ සියලු බස්‌ රථ, ත්‍රිරෝද, පාසල් වෑන් රථ වැඩ වර්ජනයක නිරත වන බවයි.
මෙවර අය වැයෙන් යෝජනා කරන ලද රථවාහන වැරදි සම්බන්ධයෙන් වන රු. 25,000 අවම දඩ මුදලට එරෙහිව ක්‍රියාත්මක කිරීමට නියමිත බස්‌ වර්ජනය ස්‌ථිරදැයි විමසූ අවස්‌ථාවේ ඔහු එසේ පැවසීය.

තමන් පාවාදෙන්නන්ගේ ප්‍රකාශ වලට අවනත නොවන බව පැවසූ ස්‌ටැන්ලි ප්‍රනාන්දු මහතා මෙසේද කියා සිටියේය.

මේ බස්‌ වර්ජනය කරන්නේ නැහැ කියලා ගැමුණු කිව්වත් අපි වර්ජනය කරනවා. රථවාහන වැරදි සම්බන්ධයෙන් අවම දඩය වන රුපියල් 25,000 ක දඩයට හා රුපියල් 2500 දඩයට එරෙහිව රට පුරා බස්‌ රථ, ත්‍රිරෝද රථ, පාසල් වෑන් රථ දෙසැම්බර් 01 වැනිදා මධ්‍යම රාත්‍රි 12.00 සිට වැඩ වර්ජනයේ යෙදෙනවා. බස්‌ සංගම්, ත්‍රිරෝද රථ සංගම් ඇතුළු කුඩා සංගම් 100 ක්‌ වැඩ වර්ජනයට එක්‌වනවා. අපේ වර්ජනයට යතුරුපැදිත් සහාය දක්‌වන්න සූදානමින් ඉන්නවා. මේ රජය විසිපන්දහසේ දඩය අකුලා ගන්නකම් අපි වර්ජනයේ".



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6704062382824174988

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item