මහින්දගෙන් ඇමරිකාවේ අලූත් ජනාධිපති ට්‍රම්ප්ට සුබ පතයි

ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ජයගත් ඩොනල්ඩ් ජේ ට්‍රම්ප් මහතා වෙත හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් සුබ පැතුම් පණිවුඩයක් යවා තිබේ. ...

ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ජයගත් ඩොනල්ඩ් ජේ ට්‍රම්ප් මහතා වෙත හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් සුබ පැතුම් පණිවුඩයක් යවා තිබේ.

එම පණිවඩුයේ සිංහල පරිවර්තනය මෙසේය.

අතිගරු ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් මැතිතුමා
ට්‍රම්ප් සංවිධානය,
725, 5 වන පටුමඟ,
නිවුයෝර්ක් නගරය, 10022,
ඇමරිකා එක්සත් ජනපදය.

මැතිතුමනි,

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිරණයෙන් ජය ගැනීම ගැන මාගේ සුභ පැතුම් ඔබතුමාට පිරිනැමීමට කැමැත්තෙමි. ඔබගේ ඡන්ද ව්‍යාපාරය තුළ මතු වූ බොහෝ කාරනා ඇමරිකා එක්සත් ජනපදයෙන් ඔබ්බටත් වලංගු භාවයක් දැක්වීම හේතුවෙන් මෙම ජනාධිපතිවරණය මුළු ලෝකයේම අවධානයට ලක් විය. ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති හැටියට ඔබගේ පත්වීමත් සමඟ සියලු රාජ්‍යයන්ගේ සෛවරී සමානත්වය හා ජාතික රාජ්‍යයන්ගේ අභ්‍යන්තර කරුණු වලට ඇඟිලි නොගැසීම යන මූලධර්මයන් මත පදනම් වූ ලෝක රටාවක් අපි බලාපොරොත්තු වෙමු.

මීට කලින් පැවති රිපබ්ලිකන් පක්‍ෂ ආණ්ඩුව විසින් ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය පරාජය කිරීමෙහි ලා රාජතාන්ත්‍රික හා බුද්ධි ආශ මට්ටමින් මගේ ආණ්ඩුවට ලබා දුන් සහයෝගය මේ අවස්ථාවේදී කෘතවේදීව සිහිපත් කිරීමට කැමැත්තෙමි. ඒ උපකාරයන් තුළින් ඇමරිකාවේ FBI ආයතනය විසින් 2008 දී අල්කයිඩා සංවිධානයත් පරයමින් ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී කණ්ඩායම හැටියට නම් කොට තිබූ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය සහමුලින්ම පරාජය කිරිමට අපට හැකි විය. ඇමරිකාවේ ජනාධිපති හැටියට ඔබගේ ධූරකාලය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා යැයි මම ප්‍රාර්ථනා කරමි.

මීට හිතවත්,
මහින්ද රාජපක්‍ෂ
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1340665346527384450

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item