පිල් මාරුව ඇරඹේ - එජාප මන්ත්‍රී පිරිසක් මහින්දගේ අලුත් පක්ෂයට එක්වෙයි (PHOTOS)

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් මහින්ද රාජපක්ෂ මහතාගේ නව බලවේගයට සහය පළ කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව මඩකලපුව, කා...

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් මහින්ද රාජපක්ෂ මහතාගේ නව බලවේගයට සහය පළ කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව මඩකලපුව, කාත්තන්කුඩි එක්සත් ජාතික පක්ෂයේ හිටපු නාගරික මන්ත්‍රීවරුන් සමඟ එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරින් පිරිසක් බත්තරමුල්ල නෙලුම් මාවත මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලයේදී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවී නව බලවේගයට සහය පළ කිරීමට එක්වන බව ප්‍රකාශ කළහ.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපන් දිනය වන නොවැම්බර් මස 18 වැනිදා ඒකාබද්ධ විපක්ෂයේ නව දේශපාලන ව්‍යාපාරය ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

ඒ අනුව ලබන 18 වැනිදා රටපුරා සියලු මැතිවරණ කොට්ඨාශ නියෝජනය වන පරිදි එකම නැකතකදී නව දේශපාලන ව්‍යාපාරය බිහි කිරීමට සැලසුම් කර තිබේ.

එම මැතිවරණ කොට්ඨාශවලින් නව පක්ෂ ආරම්භ කිරීම වෙනුවෙන් සාමාජිකයින් ලක්ෂ 10ක් බඳවා ගැනීමට නියමිත බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

මේවන විටත් එම ආසන නියෝජනය වන පරිදි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත ආසන සංවිධායකවරුන් පත් කර ඇති අතර ඔවුන්ගේ මූලිකත්වයෙන් එදිනට නව පක්ෂය ආරම්භ කිරීමේ උත්සවය සංවිධාන කර ඇතැයි වාර්තාවේ.






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5661794277986028432

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item