වවුනියාවේදී හිටපු පොලිස් නිලධාරියෙකු පහරදී ඝාතනය කෙරේ (PHOTOS)

වවුනියාව පත්තිනියාර්මහියන්කුලම ප්‍රදේශයේදී හිටපු පොලිස් නිලධාරියෙකු කිසියම් පිරිසක් පහරදී ඝාතනය කර තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරු පැවසු...

වවුනියාව පත්තිනියාර්මහියන්කුලම ප්‍රදේශයේදී හිටපු පොලිස් නිලධාරියෙකු කිසියම් පිරිසක් පහරදී ඝාතනය කර තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ 59 හැවිරිදි වික‍්‍රමරත්න ගුණසිරි නමැති හිටපු පොලිස් නිලධාරියෙකු මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි.
ඔහු 1985 වසරේදී පොලිස් සේවයට බැඳී තිබෙනවා. පසුව පොලිස් සේවයෙන් ඉවත්ව ඔහු ජර්මනියේ පදිංචියට ගොස් ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වුණේ.

සිය නිවස අලුත්වැඩියා කිරීම සඳහා මොහු මීට මාස 3කට පමණ පෙර යළි වවුනියාවට පැමිණ තිබෙනවා.

ඊට අවශ්‍ය ද්‍රව්‍ය රැගෙන නිවසට පැමිණි ටිපර් රථ රියදුරෙකු මොහුගේ මළ සිරුර දැක ඒ සම්බන්ධයෙන් අද (22) උදෑසන පොලිසියට පැමිණිලි කර ඇත.

ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සොයා පරීක්ෂණ කි‍්‍රයාත්මකයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2359158503121781044

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item