අලින්ට එරෙහිව සිවිල් ආරක්ෂක භටයන් 500ක් වනජීවියට
හදිසියේ ගම්වලට කඩාවදින වනඅලි පන්නා දැමීම සහ ඇල්ලීම සඳහා සිවිල් ආරක්ෂක බළකායේ සෙබළුන් 500 දෙනෙකු වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදීමට සුදානම් ක...

http://www.sathhanda.com/2016/12/500.html
.jpg)
වනසංරක්ෂන අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශයෙන් හදිසි තත්ත්වයන් යටතේ මේ සඳහා ඉල්ලීමක් කර තිබෙන බවත්, ඉන්පසුව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.
මේ සඳහා සෙබළුන් ලබාදිය හැකිදැයි ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිර්දේශ විමසූඅවස්ථාවේ එම සෙබළුන් ප්‍රමාණය ලබාදිය හැකියැයි තමන් පැවසූ බවද පල්ලෙගම මහතා ප්‍රකාශ කළේය.
අනුරාධපුරය,අම්පාර,මහඔය,පොළොන්නරුව,විලච්චිය හා පදවිය වැනි වනඅලි තර්ජන වැඩි වශයෙන් පවතිනප්‍ර‘දේශවලට මෙම සෙබළුන් යොදවන බව ඒ මහතා පවසාසිටියේය.
මේවනවිට අලිවැට ආරක්ෂා කිරීම සඳහාද සිවිල් ආරක්ෂක බළකායේ සෙබළුන් යොදවා සිටින බවත්, ඔවුන් විශාල රාජකාරියක් සිදුකරන බවත් චන්ද්‍රරත්න පල්ලෙගම පවසා සිටියේය.
Related