සේනාධිනායකගේ නියෝගයක්‌ නැතිව හමුදාපතිවරයකුට එසේ හැසිරෙන්න බැහැ - මහින්ද

තමා දන්නා තරමට සේනාධිනායකයාගේ නියෝගයක්‌ නැතිව හමුදාපතිවරයකු සේවක උද්ඝෝෂණයකදී අශෝභන අයුරින් හැසිරේවි යෑයි සිතිය නොහැකි බව හිටපු ජනාධිපති ම...

තමා දන්නා තරමට සේනාධිනායකයාගේ නියෝගයක්‌ නැතිව හමුදාපතිවරයකු සේවක උද්ඝෝෂණයකදී අශෝභන අයුරින් හැසිරේවි යෑයි සිතිය නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.

වෘත්තීය සමිති වර්ජනයක්‌ කඩාකප්පල් කිරීමට නාවික හමුදාව යොදාගත් පළමු අවස්‌ථාව මෙය බවත් හෙතෙම සඳහන් කළේය.

සිලාවතුරේදී නාවික හමුදාවේ දෙදෙනකු ප්‍රාණ ඇපකරුවන් ලෙස හිරකරගෙන සිටි අවස්‌ථාවේදී හම්බන්තොට මෙන් මෙහෙයුමක්‌ දියත් නොකළ බවත් හිටපු ජනාධිපතිවරයා පැවැසීය.

වර්තමාන නාවික හමුදාපතිවරයා යුද්ධය පැවැති කාලයේ ඉතා දක්‍ෂ ලෙස කටයුතු කළ නිලධාරියකු බවත් නාවික හමුදාව මෙම ස්‌ථානයට යෑව්වේ ඔවුන්ට ජනතාවගෙන් චෝදනා එල්ල කර ජනතාව තුළ තිබෙන විශ්වාසභාවය නැති කිරීමට උත්සාහ දරන කණ්‌ඩායමක්‌ විසින් බවට තමා විශ්වාස කරන බවත් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවැසීය.

වියත් මග සංවිධානය විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා හා පළාත් පාලන නියෝජිතයන් දැනුවත් කිරීම සඳහා බත්තරමුල්ල නෙළුම් මාවතේ ඊයේ (15 දා) සංවිධානය කර තිබූ වැඩමුළුවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් එක්‌වෙමින් හිටපු ජනාධිපතිවරයා එසේ පැවැසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6781752159815198864

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item