වස විස නැති සහල් තියා අද ජනතාවට සුනු සහල්වත් නෑ - මහින්ද රාජපක්‍ෂ

වස විස නැති සහල් ආහාරයට ගන්නා ලෙස ජනතාවට අද උපදෙස්‌ ලැබී තිබෙන අතර එය ඉතා හොඳ අදහසක්‌ වන නමුත් වස විස නැති සහල් කෙසේ වෙතත් ජනතාවට අද සුනු...

වස විස නැති සහල් ආහාරයට ගන්නා ලෙස ජනතාවට අද උපදෙස්‌ ලැබී තිබෙන අතර එය ඉතා හොඳ අදහසක්‌ වන නමුත් වස විස නැති සහල් කෙසේ වෙතත් ජනතාවට අද සුනු සහල්වත් සාධාරණ මිලකට ගැනීමට නොහැකිවී ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා  ඊයේ (28 දා) කියා සිටියේය. මහින්ද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

අද කුඹුරු ගොඩකර කර්මාන්ත ශාලා හදන්න යනවා. ඉහළ යන සහල් මිල අනුව වී වගාවට මුල්තැන දීමටත් රටේ කුඹුරු රැක ගැනීමටත් රජය කටයුතු කළ යුතුයි. සහල්වලින් රට ස්‌වයංපෝෂිත වී තිබුණේ අපේ කාලේ. අද සහල් මිල අහස උසට නැඟලා. ජනතාව ඉතාමත් අසරණ තත්ත්වයට පත්වෙලා. මෙහෙම තත්ත්වයක්‌ තිබියදී වස විස නැති සහල් ප්‍රයෝජනයට ගන්න කියලා උපදෙස්‌ ලැබෙනවා. ඇත්ත වශයෙන්ම ඒක හොඳ අදහසක්‌. ඒත් සුනු සහල්වත් සහන මිලට ගන්න නැතිනම් ජනතාව වස විස නැති සහල් කොහෙන් ගන්නද? මේ කතාව හරියට පාන් නැතිනම් කේක්‌ කාපල්ලා කිව්ව වගේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7503603520331248139

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item