සීමා නිර්ණය කොමිසම ලබාදුන් පොරොන්දු 07ක් කඩයි

පළාත් පාලන ආයතන සීමා නිර්ණය වාර්තාව ඊයේ (29දා) දිනයේදී අනිවාර්යයෙන්ම බාරදෙන බවට සීමා නිර්ණය කොමිෂන් සභාව සඳහන් කළත් ඊයේ දිනයේදීත් එම වාර්...

පළාත් පාලන ආයතන සීමා නිර්ණය වාර්තාව ඊයේ (29දා) දිනයේදී අනිවාර්යයෙන්ම බාරදෙන බවට සීමා නිර්ණය කොමිෂන් සභාව සඳහන් කළත් ඊයේ දිනයේදීත් එම වාර්තාව බාරදී නොමැත.

අදාළ වාර්තාව මේ වසරේ මාර්තු 31 වන දිනට පෙර භාරදෙන බවට මුලින්ම ප්‍රකාශ කළ අතර, ඉන්පසුව අප්‍රේල් 30 වන දින කමිටු වාර්තාව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට භාර දෙන බවට සීමා නිර්ණය කොමිෂන් සභාව සඳහන් කරනු ලැබිණි.

එහෙත් එම දිනයන් වලදී වාර්තාව භාරදීමක් සිදුනොවූ අතර, නැවත අගෝස්තු 31 වන දිනට පෙර සහ ඔක්තෝබර් 31 වන දිනට භාරදෙන බවට ප්‍රකාශ විය.

එම දිනයන්වලදීද වාර්තාව භාරදීමක් සිදුනොවූ අතර, නොවැම්බර් 30 වාර්තාව ලබාදෙන බවට සඳහන් විය. එදිනත් වාර්තාව භාරදීමක් සිදු නොවූ අතර, දෙසැම්බර් 15 වන දින වාර්තාව භාරදෙන බව සඳහන් විය.

එහෙත් එදිනද වාර්තාව භාරදීමක් සිදුනොවූ අතර, දෙසැම්බර් 27 භාරදෙන බවට ප්‍රකාශ විය. දෙසැම්බර් 27 දිනද වාර්තාව භාර දීමක් සිදු නොවූ අතර, එය ඊයේ (28දා) දිනයේදී භාර දෙන බවට සීමා නිර්ණය කොමිෂන් සභාවේ සභාපති අශෝක් පීරිස් මහතා සඳහන් කළේය.

එහෙත් ඊයේ දිනයේදීත් වාර්තාව භාරදීමක් සිදුනොවූ අතර මේ අනුව සීමා නිර්ණය කොමිෂම ලබාදුන් පොරොන්දු 07ක් කඩවී ඇත.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8660461575002882768

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item