ගාලූ මුවදොර ලොකුම නත්තල් ගසට තවත් විරෝධයක්

ගාලූ මුවදොර පිටියේ ඉදිවන ලොව විශාලතම නත්තල් ගස හේතුවෙන් ගාලූ මුවදොර පිටිය ආශ්‍රිත වෙළඳුුන්ට දුෂ්කරතා රැසකට මුහුණු දීමට සිදුව ඇති බව ලංකා ...

ගාලූ මුවදොර පිටියේ ඉදිවන ලොව විශාලතම නත්තල් ගස හේතුවෙන් ගාලූ මුවදොර පිටිය ආශ්‍රිත වෙළඳුුන්ට දුෂ්කරතා රැසකට මුහුණු දීමට සිදුව ඇති බව ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික සම්මේලනය පවසනවා.

එහි ලේකම් ඊ. සී. ඩයස් අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ලොව විශාලතම නත්තල් ගස සමග ක්‍රියාත්මක කෙරෙන නත්තල් කලාපයේ වෙළඳ කුටියක් සඳහා රුපියල් ලක්ෂ 04 ක පමණ මුදලක් අය කෙරෙන බවයි.

එවැනි මුදලකට වෙළඳ කුටි ලබා ගැනීමට සිය සාමාජිකයින්ට නොහැකි බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

මේ හේතුවෙන් නත්තල් සමයේ ගාලූ මුවදොර පිටිය ආශ්‍රිත වෙළඳාමේ නිරත වන සිය සාමාජිකයින් අසීරුතාවට ලක්වන බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6960486631925924621

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item