හැමෝටම ඇහෙන්න කෑගහලා කියන්න කියලා ජනාධිපතිතුමයි කිවුවේ.. – හිරුණිකා..

මව්බිම පුවත්පතින් උපුටා ගන්නා ලද්දකි.. ඔබ පාර්ලිමේන්තුවේදී කළේ දැඩි කතාවක්. ඇත්තටම ඔබ කොමසාරිස් හමුවෙන්න ගියාද? ඔව්. මං මේ ළඟදි ගිය...

මව්බිම පුවත්පතින් උපුටා ගන්නා ලද්දකි..
ඔබ පාර්ලිමේන්තුවේදී කළේ දැඩි කතාවක්. ඇත්තටම ඔබ කොමසාරිස් හමුවෙන්න ගියාද?

ඔව්. මං මේ ළඟදි ගියා. ගිහින් බන්ධනාගාර කොමසාරිස් හමුවුණා. ගිහින් ඇහුවා මේ හිරගේ ඇතුළේ අර දෙමටගොඩ චමින්දලා, එස්.ටී.එෆ්. සරත්ලා ෆෝන් පාවිච්චි කර කර ෆේස්බුක් යනවා. මේ ගැන දන්නවද කියලා.
කොමසාරිස්තුමා මොකද කිව්වෙ?

මේ මනුස්සයා අඬන්න ගත්තා.
අඬන්නේ ඇයි කියලා ඇහුවෙ නැද්ද?

යුනිෆෝම් ඇඳගත්ත රාජ්‍ය නිලධාරියෙක් මගේ ඉස්සර අඬන කොට මට නැවැත කතා කරන්න බෑනේ. මම එන්න ආවා.
ඔබ වැරැදි තොරතුරු දෙනවා කියාගෙන විපක්‍ෂයේ මන්ත්‍රිවරු කෑ ගැහුවේ?

මම ගාව සියලු තොරතුරු තියෙනවා. ඒවා සියල්ලම සත්‍ය ඒවා. ලිඛිත සහ වාචික සාක්‍ෂි තියෙනවා.
මොනවද බන්ධනාගාරයේ දීලා තියෙන වරප්‍රසාද?

මැගසින් බන්ධනාගාරය ඇතුළේ කාමරයක ඇඳක් තියෙනවා. යාබද නාන කාමර තියෙනවා. මදුරු දැල් තියෙනවා, පුටු, ෆ්‍රිජ්, ෆෑන් තියෙනවා. දේශපාලකයෝ හිරේට යනකොට මේ කාමරේ තමයි නතර වෙන්නේ. මගේ කතාවෙන් පස්සේ ඒවා අයින් කරලා ඇති.
වරප්‍රසාද ගන්න බොරු ලෙඩක්ද දාලා තියෙන්නේ?

ඔව්. බොරු ලෙඩක් කියලා තමයි අනිත් වෛද්‍යවරු කියන්නේ.
එක් මන්ත්‍රිවරයෙක් විතරද මෙහෙම වරප්‍රසාද අරගෙන තියෙන්නේ?

නැහැ. ළඟදි තව කෙනෙක් ඇතුළට ගියා. එයාට හෘදයාබාධයක්. ඊ.සී.ජී. වාර්තා නැහැ. ඔප්පු කරගන්න බැරිව ඉන්නවා. ප්‍රධාන පෙළේ කුඩු ජාවාරම්කාරයෝ ඉන්නවා එක්කෙනකුට උසට සරිලන බරක් නැහැ. වෛද්‍ය වාර්තා ගෙනත් තියෙන්නේ ඉන්දියාවෙන්. කොහොමද එහෙම කරන්නේ.
මේවා නවත්වන්න බැරිද?

පාර්ලිමේන්තු මන්ත්‍රිවරියක් ලෙස කරපු හෙළිදරව් කිරීමම ඇති සිද්ධියට අදාළ වෛද්‍යවරුන්ට එරෙහිව පියවර ගන්න. මීට අදාළ සියලු තොරතුරු මම කිව්වා. හැන්සාඩ් ගත කළා. මේ වෛද්‍යවරුන් ගැන පරීක්‍ෂණයක් කරන්න පුළුවන්නේ. මොකද මේ අය එතන තියාගෙන පරීක්‍ෂණ සිදු කළොත් අනෙක් අය සාක්‍ෂි දෙන්න බය වෙනවා.
මේක මුදල් දීලා කරපු වැඩක්ද? ඔබ පාර්ලිමේන්තුවේදී කළේ දැඩි කතාවක්. ඇත්තටම ඔබ කොමසාරිස් හමුවෙන්න ගියාද?

මේක මුදල් දීලා කරපු වැඩක්ද?

ගොඩක් දේවල් කරන්නේ මුදල් ලබාගෙන. මුදල් ලබා ගැනීමේ පාරාදීසයක් වෙලා ඉවරයි බන්ධනාගාර රෝහල. සල්ලි දෙන්න බැරි සාමාන්‍ය සිරකරුවෝ බෙහෙත් කරලා ආපසු සිරකූඩුවට දානවා.
ඔබට ලැබුණු මේ තොරතුරු සත්‍යද?

ඔව්. ඔප්පු කළ හැකි සාක්‍ෂි සියලු ලේඛන මා සතුයි. මම මේ ගැන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කරනවා. මම කිසිසේත්ම විමර්ශනයට අදාළ ලියකියවිලි ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ පිළිබඳ පරීක්‍ෂාවක් කරන්න කියා ඉල්ලනවා විතරයි. පරීක්ෂණ කටයුතු ඇරඹුවාට පස්සේ මගේ ළඟ තියෙන ලියකියවිලි අල්ලස් එකට දෙනවා.
ත දුමින්ද සිල්වාගේ උපන් දිනය දා කතාවක් ඔබ කිව්වා. ඇත්තටම පවුලේ අය එතැනට ගියාද?

දෙසැම්බර් 3 වැනිදා තමා එයාගෙ උපන් දිනය. පවුලේ උදවිය උපන් දිනේ සමරලා පොඩි ජොලියකුත් දැම්මා. දුමින්ද සිල්වාට තියෙනවා කියන ලෙඩ මේවා. ඔහු කියලා තියෙන ලෙඩ තමයි දිගුකාලීන හිසරදය, කැරකිල්ල, සිහිය නැතිකම, මතකය අඩුකම. ඒත් අද වෙනකොට රෝග විනිශ්චය කරලා තියෙන ආකාරය විවාදාපන්නයි.
“සියලු සිරකරුවෝ මනුෂ්‍යයෝය” කියන කතාව එතකොට බොරු වෙනවද?

ඔව්. සිරගෙදර ඉස්සරහ ගහල තියෙන ඒ වාක්‍ය කපලා “සල්ලි තියෙන හිරකරුවෝ මනුෂ්‍යයෝය” කියලා ගැහුවා නම් හරි.
කතානායකවරයා හරහා අදාළ මන්ත්‍රිවරයා ගැන පරීක්‍ෂණයක් කරන්න බැරිද?

අල්ලස් එකට දෙන සියලු ලිපි ලේඛන කතානායකතුමාට, සෞඛ්‍ය ඇමැතිතුමාට, බන්ධනාගාර ඇමැතිතුමාට භාර දෙනවා.
මේ ගැන ජනාධිපතිතුමා, අගමැතිතුමා දැනුවත් කර තිබෙනවද?

ඔව්. ජනාධිපතිතුමයි අගමැතිතුමයි දැනුවත් කරලයි මේ ප්‍රශ්නය ගැන මම කතා කළේ. ජනාධිපතිතුමා කිව්වා වැඩිපුර වේලාව ඉල්ලගෙන මේ කතාව සභාවට ඇහෙන්න කෑගහලා කියන්න කියලා. අගමැතිතුමාට මේ ගැන කිව්වම අගමැතිතුමා මට කියනවා මං පැත්තක් අරගෙන නැති නිසා හිරු එකෙන් මට හෝ ගාලා ගහනවා කියලා. සෞඛ්‍ය ඇමැතිතුමාට මේ ගැන කිව්වා. එතුමා කියනවා සියලු විස්තර එතුමට දෙන්න කියලා. සමහර වෛද්‍යවරුම තමයි මේවා කරන්නේ. හැම කාරණාවක්ම කරන්නේ අපට උඩින්. අපට ඕඩර්ස් එන්නේ උඩින් කියලයි කියන්නේ. ජනාධිපතිතුමාටයි, අගමැතිතුමාටයි, සෞඛ්‍ය ඇමැතිතුමාටයි, බන්ධනාගාර ඇමැතිතුමාටයි උඩින් ඕඩර්ස් දෙන ලොක්කා කවුද කියන එක හොයන්න ඕනෑ.
සෞඛ්‍ය ඇමැතිතුමා සහ බන්ධනාගාර ඇමැතිතුමා මේ ගැන දන්නෙම නැද්ද?

සෞඛ්‍ය ඇමැතිතුමා මේ ගැන කලින් ඉඳන් දන්නවා. බන්ධනාගාර ඇමැතිතුමාත් මේ ගැන දන්නවා. ඔවුන් මේ ගැන පරීක්ෂණයක් කරනවා කිව්වා. ඇමැතිවරුන්ට හැම තැනටම ගිහින් පරීක්ෂා කරන්න බෑනේ. පහළින් ඉන්න අය අවංක නොවෙන කොට අපහසුතාවට පත් වෙන්නේ ඇමැතිවරු.
මේවා කතා කළා කියලා තර්ජන ගර්ජන නැද්ද?

නැහැ… ඒ වුණත් තැන තැන මට විරුද්ධව කැත මඩ ප්‍රචාර ගෙනියනවා.

– මව්බිම

මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7201437333242416860

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item