සීමා නිර්ණය කොමිසමේ වාර්තාව අදත් නෑ

පළාත් පාලන මැතිවරණය අදාල කොට්ඨාශ සීමා නිර්ණය කිරීමේ වාර්තාව අද (27) නිකුත් නොකරන බව වාර්තා වේ. එම කොමිෂන් සභාවේ සභාපති අශෝක පීරිස් මහතා ප...

පළාත් පාලන මැතිවරණය අදාල කොට්ඨාශ සීමා නිර්ණය කිරීමේ වාර්තාව අද (27) නිකුත් නොකරන බව වාර්තා වේ. එම කොමිෂන් සභාවේ සභාපති අශෝක පීරිස් මහතා පවසන්නේ එම වාර්තාව නිකුත් කිරීම තවදුරටත් ප්‍රමාද වන බවයි.

සීමා නිර්ණය කොමිෂන් සභාව පෙරදී පළාත් පාලන ඇමතිවරයාට පොරොන්දු වී තිබුණේ දෙසැම්බර් 27 වැනි දිනට පෙර වාර්තාව ලබාදෙන බවයි. ඒ අනුව පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මාර්තු 31 වැනි දිනට පෙර පැවැත්වීමට හැකිවන බවයි ඇමතිවරයා පසුගියදා ප්‍රකාශ කළේ.

අශෝක පීරිස් මහතා පවසන්නේ දිස්ත්‍රික්ක කිහිපයක දෙමළ භාෂා පරිවර්තනය සම්පූර්ණ පරීක්ෂා කර අවසන් නොමැති නිසා වාර්තාව නිකුත් කිරීමට හැකියාවක් නොමැති බවයි. ඒ සඳහා තවත් දින කිහිපයක් ගතවන බව ඔහු පවසනවා.

මේ අතර මෙම වාර්තාව අගමැතිවරයා වෙත භාරදීම සඳහා කොමිසම අගමැතිවරයාගෙන් දිනයක් ඉල්ලා තිබේ. ඒ අනුව අගමැති කාර්යාලය දන්වා ඇත්තේ ඉදිරි පාර්ලිමේන්තු දිනයකදී පාර්ලිමේන්තුවේදී මෙම වාර්තාව භාරදීමටක කටයුතු කරන ලෙසයි.

මෙම වාර්තාව සම්බන්ධයෙන් සියලු පක්ෂ දැනුවත් වියයුතු බවත් ඒ නිසා සියලු පක්ෂ නියෝජිතයන් සිටින අවස්ථාවක වාර්තාව භාරදීම සිදුකළ යුතු බව අගමැතිවරයා ප්‍රකාශ කර තිබේ. එහිදී පක්ෂ නියෝජිතයන්ට වාර්තාව සම්බන්ධයෙන් කොමිසම සමග එවෙලේම අදහස් හුවමාරු කරගත හැකි බවයි අගමැතිවරයා පවසා ඇත්තේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 591167890353215981

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item