ඒකාබද්ධ විපක්‍ෂයෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්

ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුන් ඇතුළු කණ්ඩායමට එල්ල වන විවිධ හිරිහැර සහ බලපෑම් සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට පැමිණිලි...

ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුන් ඇතුළු කණ්ඩායමට එල්ල වන විවිධ හිරිහැර සහ බලපෑම් සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට පැමිණිලි කිරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිනේෂ් ගුණවර්ධන පවසනවා.

ඉකුත්දා පාර්ලිමේන්තු සංකීර්ණය ආසන්නයේදී පොලීසිය එල්ල කළ ජල හා කදුළු ගෑස් ප‍්‍රහාරය ඊට ආසන්නතම හේතුව බවයි ඔහු කියාසිටියේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කතානායකවරයා පැහැදිලි විසදුමක් ලබාදෙනු ඇතැයි විශ්වාසයෙන් පසුවන බවද දිනේෂ් ගුණවර්ධන මන්තී‍්‍රවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මහජන නියෝජිතයින්ට ජනතාව මුණගැසීමට ඉඩකඩ තිබිය යුතු බවත් එය මර්දනයවීම කණගාටුදායක තත්ත්වයක් බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8461930710491637071

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item