රවීගේ කතාව ගැන සොයන්නැයි බන්දුල ජනපතිගෙන් ඉල්ලයි

මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසන පරිදි පසුගිය ජනාධිපතිවරණයට දින දෙකකට පෙර ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙන ඇති රුපියල් බිලියන 13 ක පන්දාහේ නෝට්ට...

මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසන පරිදි පසුගිය ජනාධිපතිවරණයට දින දෙකකට පෙර ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙන ඇති රුපියල් බිලියන 13 ක පන්දාහේ නෝට්ටු පිලිබඳ සවිස්තර වාර්තාවක් සතියක් තුළ ඉදිරිපත් කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන අද (18) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

රුපියල් බිලියන 13 ක මුදලක් හොර රහසේ මහ බැංකුවෙන් පිටමං කිරීම පහසු කටයුත්තක් නොවන බවත් හිටපු ජනාධිපතිවරයා එලෙස මුදල් පිටමං කර ඇත්නම් ඊට මහ බැංකුවේ නිලධාරින්ද සම්බන්ධ වියයුතු බවයි බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ.

ඒ අනුව රට තුළ නිරුපද්‍රිතව මුදල් ක්‍රමය පවත්වාගෙන යාම සඳහා රවී කරුණානායක මහතා පවසන කතාවේ ඇත්ත නැත්ත ජනාධිපතිවරයාගේ විධායක බලතල යොදාගනිමින් හෝ සෙවිය යුතු බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2158750864788305909

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item