ඉන්දියානුවාට රැකියාව. ඔබේ දරුවාට විරැකියාව
ඔබේ දරුවන්ගේ අනාගත රැකියා අවස්ථා අහිමිවීමට යන්නේ, ප්‍රමාණවත් අධ්‍යාපනයක් ලබාදීමට දරණ ඔබගේ වෑයම අල්පමාත්‍රයකින් හෝ අඩුවූ නිසා නොවේ. ඒ ඔබෙත් ...

http://www.sathhanda.com/2016/12/blog-post_57.html

2014 දී ශ්‍රී ලංකාවේ මුළු ශ්‍රම බලකාය ලක්ෂ 85ක් වන අතර ඉන්දියාවේ කෝටි 50 ක් පමණ වෙයි. එනම් රැකියා වෙළඳපල ඉන්දියානුවන්ට විවෘත වීමත් සමග එක් ශ්‍රී ලාංකික දරුවෙකුට රැකියවක් ලබාගැනීමට ඉන්දියානුවෝ 58 දෙනෙකු සමග තරග වැදීමට සිදුවනු ඇත. මේ අනුව අපේ දරුවකුට රැකියාවක් ලැබීමට ඇත්තේ ඉතාම අඩු අවස්ථාවකි. එමෙන්ම ඉන්දියානු ශ්‍රම බලකාය වසරකට කෝටියකින් පමණ ඉහලයයි. එනම් ශ්‍රී ලංකාවේ සියලු රැකියා අවස්ථා ඉන්දියාවේ එක් වසරකදී බිහිවෙන නව ශ්‍රමිකයන්ගෙන් පුරවාලිය හැක. මේ සමග ඇතිවන තරඟකාරීත්වයේ ස්වරුපය අද ඉන්දියාව තුලින්ම දැකගත හැකිය. 2015 අගෝස්තු වසරේ ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ තේ සාදන්නන් සහ රාත්‍රී මුරකරු රැකියා 350ක් පමණ ලබාදීමට දැන්වීමක් පලකල අතර ඔවුනට පිළිතුරු ලෙස ඉල්ලුම්පත්‍ර ලක්ෂ 20ක් ලැබුණි. මේ අතර උපාධිධාරීන් එක්ලක්ෂ පනස්දහසක් පමණද සිටිති.
ශ්‍රී ලංකාවේ අවුරුද්දකට ඉංජිනේරු උපාධිධාරීන් 1500 බිහිවෙයි. ඉන්දියාවේ එය ලක්ෂ 15 කි. ඉන්දියාවේ ඉංජිනේරුවන් තුන් දෙනෙකුගෙන් එක් අයෙක් අවුරුදු 29යේදී වත් රැකියාවක් සොයාගැනීමට අසමත් වෙයි. ශ්‍රී ලංකාවේ රැකියා විරහිත ඉංජිනේරුවෝ ගැන ඔබ අසා ඇත්ද? කම්කරුවාගේ සිට අනෙක් සියලු වෘත්තිකයන්ට ද මෙය සත්‍යයි. මෙ ඉන්දියාවේ තත්වයයි. මෙලෙස කුමන හෝ රැකියාවක් සොයන අධික රැකියා විරහිත උපාධිධාරී පිරිසක් සිටියදී, ඔබේ දරුවාට රැකියා අවස්ථාවක් ඉතිරි වනු ඇතැයි ඔබ සිතයිද?
ගැටලුව විරැකියාවෙන් පමණක් අවසන් නොවේ. ඉන්දියාවේ අධික ජනගහනය හා නව ජීවන රටාව හේතුවෙන් බිහිවූ තරඟකාරීත්වය, ඔවුන් ගේ පැවති පෙරදිග උසස් ගුණාංග දියාරු කොට ආත්මාර්ථකාමීත්වය සහ වංචාව මතුකර ඇත. මේ අවුරුද්දේ ඉන්දියානු හමුදාව, සිය ඇතුලත්වීමේ විභාගයේදී ඉල්ලුම්කරුවන් යට ඇඳුමෙන් පිට්ටනියක ඉන්දවා පිළිතුරු ලිවීමට සැලස්වුයේ විභාග වංචාවන් වලක්වාගැනීම ඉතා අසීරු වූ බැවිනි. තම රටේ හමුදාව ඉදිරියේ වංචා කරන ඔවුහු වෙනත් තැනකදී කෙසේ හැසිරෙනු ඇතිද? මෙම ස්වරූපයන් අද ඔවුන්ගේ රැකියා ස්ථාන තුල දැකගතහැකිය. මෙවන් පසුබිමක් සහිත වෘත්තිකයන් වැඩිවැඩියෙන් පැමිණීමත් සමග, අපේ රැකියා ස්ථාන තුල ඉතිරීවී ඇති සංහිඳියාව වියැකී යනු ඇත. අපේ හික්මුණු දරුවෝ මේ රැකියා ස්ථානවල රක්‍ෂා නොවනු ඇත. නොඑසේනම් මෙම ඉන්දියානුවන්ගේ ස්වරූපයට හැඩ ගැසී අමනයන් හා නරුමයන් වනු වැඩිහිටියන් ලෙස අපට බලාසිටීමට සිදුවනු ඇත.
කල්යත්ම ව්‍යවසායකයින්, ඉහල කළමනාකරුවන් ඉන්දියානුවන් වෙත්ම තවත් ඉන්දියානුවෙකුට රැකියාවක් ලබාදීමේ ප්‍රවණතාවයක් ඇතිවනු ඇත. ඒ සමග ශ්‍රී ලාංකික අපේ දරුවෝ තම දෙමාපියන් උපන් රටේ බෝඩින් කරුවෝ වනවා නිසැකය. මේ හැරුනුකොට අධාපන මට්ටම පහලයාම, වේතනයන් පහල යාම, භාණ්ඩ හා සේවාවන්ගේ ගුණාත්මක බව පහල යාම සහ දේශීය ව්‍යාපාරිකයා දුර්වල වීම ආදීවූ උග්‍ර ප්‍රශ්න රාශියකට රට මුහුණ පානු ඇත. මේ සියලු කාරණා හමුවේ රැකියා හා ව්‍යාපාරික අවස්ථා අහිමි වීම මූලික කරුණ වන්නේ එය නියතවම අපේ දරුවන් නිකමුන් කරන හෙයිනි. එයත් සමග ඇතිවන තරුණ අසහනය සහ අපේක්ෂා භංගත්වය මහත් අනිටු ඵල උදාකරනු ඇත.
මෙලෙස දරුවන් පිළිබඳව අපමණ බලාපොරොත්තු තබා සිය සේසතම කැපකළ ඔබගේ සුභ සිහිනය බිඳ වැටෙන්නට ඉඩ දෙන්නේද?
දෙමව්පියනි, අදම දැනුවත් වන්න. අන් අය දැනුවත් කරන්න. මේ ලිපිය මිතුරන් සමග බෙදා ගන්න. ඔබේ දරුවාගේ අනාගතය වෙනුවෙන් ETCA පැරදවීමට පෙරට එන්න.
-කපිල පෙරේරා
ලේකම්, වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ (PNF)
සභාපති, තොරතුරු තාක්ෂණ වෘත්තිකයින්ගේ සංසදය (SITP)
Related