මලික් සමරවික්‍රම සහ සාගල අතර දරුණු ශීතල යුද්ධයක් !

නීතිය හා සාමය ඇමති සාගල රත්නායක සහ ඔහුගේ සහෝදරයා වන කාවන්, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සමග රාජපක්ෂ යුගයේදී සමීපව වැඩ කළ බව රහසක් නො...

නීතිය හා සාමය ඇමති සාගල රත්නායක සහ ඔහුගේ සහෝදරයා වන කාවන්, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සමග රාජපක්ෂ යුගයේදී සමීපව වැඩ කළ බව රහසක් නොවේ.

ගෝඨාභය සාගල සහ කාවන්ට උදව් කරන්නට මහත් වෙහෙසක් ගත්තේය. සාගල ආර්ථික වශයෙන් ඇද වැටී අසරණ ව සිටින විට ඔහුට ඉඩමක් ලබා දී උදව් කළේ ගෝඨාභය විසින් බව කියැවේ. කාවන්ට ද ගෝඨාභය උදව් කළේය.

2015 වසරේදී රත්නායක සිය මිතුරන්ට පවසා තිබුණේ රාජපක්ෂ යුගයේ සිදුවූ ඝාතන සම්බන්ධයෙන් ගෝඨාභය ව අත්අඩංගුවට ගැනීමෙන් ආරක්ෂා කරගන්නා බවයි. අත්දැකීම් නැති සාගල රත්නායකට අගමැතිවරයා සහ ජනාධිපතිවරයා විසින්, පොලිසිය වැනි වැදගත් අමාත්‍ය ධුරයක් පිරිනැමීම ඉතා නරක දෙයකි.

ඔහු කිසිදිනෙක වැදගත් අමාත්‍යධුරයක් දරා නැත. තවද ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා ඔහු වැඩිමනත් දෙයක් කළේ ද නැත. නමුත් අග්‍රාමාත්‍යවරයා යම්කිසි හේතුවක් නිසා සාගල රත්නායකට කැමත්තෙන් සිටින අතර, ඔහුට තව තවත් වගකීම් ලබාදෙමින් සිටියි.

මලික් සමරවික්‍රම ද අග්‍රාමාත්‍යවරයා සමග පවත්වන මිතුරුකමෙන් වාසි ලබන්නෙකි. සාගල විසින් අගමැතිවරයාට වැඩි බලපෑමක් කරමින් සිටීම පිළිබඳව ඔහු නොසතුටින් සිටින අතර සෙමෙන් පැත්තකට වෙමින් සිටියි. මේ නිසා සමරවික්‍රම, තරුණ සාගල රත්නායකට සමච්චල් කරමින් වටේ යයි.

පොලිස්පති පූජිතට සාගල විසින් නියෝග ලබාදීම පිළිබඳ කථාන්දරය ද මාධ්‍ය වෙත මුදාහැරියේ මලික් සමරවික්‍රම විසින් මිස අන් අයෙක් විසින් නොවන බව කියැවේ. මලික් සමරවික්‍රම සහ ජෙහාන් අමරතුංග අතර සිදුවුණු යම් යම් ගනුදෙනු ගැන සාගල රත්නායක දනියි. මේ අනුව මේ දෙදෙනා අතර පවතින වත්මන් ශීතල යුද්ධය බලපානු ඇත්තේ අගමැතිවරයාට පමණක් ය. මන්ද ජනාධිපතිවරයාට නම් සාගල-මලික් දෙදෙනාම දැනටමත් හොඳටම එපා වී තිබෙන නිසා ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලාශ්‍රයන්ට අනුව මීළඟ අමාත්‍ය මණ්ඩල වෙනසේදී, අගමැතිවරයා විසින් විරෝධය පෑමට බොහෝ දුරට ඉඩ ඇතත්, ජනාධිපතිවරයා විසින් සාගල සහ මලික්ව අමාත්‍ය ධුරවලින් ඉවත් කරනු ඇත. එසේ කිරීම මගින් ආණ්ඩුවට සාමය ගෙන ඒමට ජනාධිපතිවරයා සහ වෙනත් අය විසින් දැඩි සේ අධිෂ්ඨාන කරගෙන තිබේ.

අග්‍රාමාත්‍යවරයාට සමීප ව කටයුතු කරන අයට අනුව, මලික් සහ සාගල හැප්පෙන්නේ, අගමැතිවරයා ලවා තමන්ට වැඩියෙන් සලකා ගන්නට දෙදෙනාටම උවමනා නිසා ය. තරුණ සාගල පරිස්සමෙන් වැඩ කරද්දී ඔහු මෙන් නොව මලික් සමරවික්‍රම, අගමැතිවරයා ව බලයට ගෙන ඒමේ ව්‍යාපාරයට සක්‍රියව දායක විය. මේ අතරවාරයේ සාගල මෙන්ම ඔහුගේ සොයුරු කාවන් ද රාජපක්ෂලාට සහතික වී තිබුණේ අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බවට ය. මෙයින් කලබලයට පත්වූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණය නිසි කලට පෙර පැවැත්වූයේය.

සාගල සහ සමරවික්‍රම අතර තිබෙන අනෙක් ප්‍රශ්නය වන්නේ සමරවික්‍රම ට FCID ය මෙහෙයවීමට අවශ්‍ය වීමයි. නමුත් සාගල මෙයට විරෝධය පායි. මේ දෙදෙනා අතර තිබෙන ගැටුම, යූ එන් පී ය තුළ තිබෙන බෙදීම තවදුරටත් පෙන්වා දෙන අතර, ඒකාබද්ධ විපක්ෂය තවදුරටත් ශක්තිමත් කරනු ඇත.

Lankanewsweb



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 912065904229467065

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item