ආගමට කරන අපහාස නතර නොවන්නේ නම් මුස්ලිම් තරුණයින් අවි අතට ගනීවි!

ඉස්ලාම් ආගමට දිගින් දිගටම එල්ල වන අපහාස නතර නොවන්නේ නම් මුස්ලිම් තරුණයින් අවි අතට ගැනීම වැළැක්වීමට තමන් ඇතුළු මෙරට මුස්ලිම් දේශපාලනඥයින්ට...

ඉස්ලාම් ආගමට දිගින් දිගටම එල්ල වන අපහාස නතර නොවන්නේ නම් මුස්ලිම් තරුණයින් අවි අතට ගැනීම වැළැක්වීමට තමන් ඇතුළු මෙරට මුස්ලිම් දේශපාලනඥයින්ට නොහැකි වනු ඇතැයි පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීම් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා පවසනවා.

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඉකුත්දා පැවැත්වූ මාධ්‍ය හමුවකදී ද ඉස්ලාම් ආගමට අපහාස වන අයුරින් ප‍්‍රකාශ සිදුකළ බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ. ආණ්ඩුව එවැනි තත්ත්වයන් වැළැක්වීමට කටයුතු කළ යුතු බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.

ඇතැම් මුස්ලිම් සංවිධාන බුදු දහමට අපහාස වන අයුරින් සිදුකරන කි‍්‍රයා සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයා දරන මතය කුමක්දැයි නෙත් නිවුස් මෙහිදී ප‍්‍රශ්න කළා. එහිදී අමාත්‍යවරයා පැවසුවේ එවැනි සිදුවීම් ඇතිවූ බවය. ඊට නීතිය ක්‍රියාත්මක වූ බවත්, ජමියතුල් උලමා සභාව කිසිදු වචනයක් කතා නොකරන්න යැයි ආගමිකයින්ට කියා ඇතිබවත් පවසනවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8780787652799051035

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item