අලි ඇතුන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව කතරගමදී දේව කන්නලව්

ශ්‍රී ලාංකීය සංස්කෘතික උරුමයට දායාදයක් වන අලි සහ ඇතුන් බොහොමයක් දේවාල හා විහාරස්ථානවලට හිමිකම් පවතිද්දීත් එම අලි ඇතුන් අත්අඩංගුවට ගෙන අ...



ශ්‍රී ලාංකීය සංස්කෘතික උරුමයට දායාදයක් වන අලි සහ ඇතුන් බොහොමයක් දේවාල හා විහාරස්ථානවලට හිමිකම් පවතිද්දීත් එම අලි ඇතුන් අත්අඩංගුවට ගෙන අලි අනාථාගාරවලට ගාල් කිරීමට විරෝධය දක්වා කතරගම දෙවිඳුන්ට පැමිණිලි කිරීමේ දේව කන්නලව්වක් හා භාරහාර වීමක් ඊයේ (30) කතරගම පුදබිමේදී සිදු කරන ලදී.

ලාංකීය හීලෑ අලි ඇතුන්ගේ සංගමය මෙය සංවිධානය කර තිබුණි.

මෙම කටයුත්ත වනජීවී දෙපාර්තමේන්තුවෙහි අසාධාරණ ක්‍රියාකලාපයට එරෙහිව බවත්, මේ වන විට දේවාල හා විහාරස්ථානවලට අයිති අලි ඇතුන් 37ක් පමණ අත්අඩංගුවට ගෙන නීති මාර්ගික කටයුතු සිදුවෙමින් පවතින බව හීලෑ අලි ඇතුන්ගේ සංගමයෙහි සභාපති මාගල්කන්දේ සුදත්ත හිමියෝ මේ අවස්ථාවට එක්වෙමින් පැවැසූහ.

තවදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ ඉදිරියේදී සංස්කෘතික හා වෙනත් අවස්ථාවන්හි ලබාදීමට අලි ඇතුන් නොමැති වීම පිළිබඳ ගැටලුවක් මතුව ඇති බවත් වනජීවී දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගත් කතරගම දේවාලය සතුව සිටි සමාධි හා භානු නැමැති අලි දෙදෙනා වෙනුවෙන් කරුණු දැක්වීමෙන් පසු ජනාධිපතිතුමන් හා අගමැතිතුමන් එම අලින් නිදහස් කිරීමට උපදෙස් ලබාදී තිබියදීත් වනජීවී දෙපාර්තමේන්තුව මතෛක් ඒ සඳහා ක්‍රියා නොකිරීම කනගාටුවට කරුණක් බවත් මාගල්කන්දේ සුදත්ත හිමි පැවැසීය.

මෙසේ අසාධාරණ ලෙස දේවාල හා විහාරස්ථානයන්හි අලි ඇතුන් අත්අඩංගුවට ගැනීමත් අලි අනාථාගාරවලට ගාල් කිරීමත් පිළිබඳ අවනඩුව කතරගම දෙවිඳුන් හමුවේ ඉදිරිපත් කර වනජීවී දෙපාර්තමේන්තුවෙහි මෙම අසාධාරණ ක්‍රියාකලාපය නතර කරවීම මෙම විරෝධයෙහි ප්‍රධාන අරමුණ බව උන්වහන්සේ වැඩිදුරටත් අදහස් දක්වමින් පැවැසූහ. මෙම අවස්ථාව සඳහා හීලෑ අලි ඇතුන්ගේ සංගමයේ අනුශාසක දර්ශනාධිපති හේමරතන හිමියෝද අලි ඇතුන්ගේ හාම්පුත්තුද ඇත්ගොව්වද සමග බස්නාහිර පළාත් සභා මන්ත්‍රී කිත්සිරි කහටපිටිය මහතාද අලි ඇතුන්ගේ සහයක පිරිසක්ද එක්ව සිටියහ.

කතරගම කේ.ඩී. දේවප්‍රිය



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7956519833453792890

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item