දිඹුලාගලිනුත් නාවික හමුදාපතිට විරෝධය

හම්බන්තොට වරාය සේවක උද්ඝෝෂණය වාර්තා කිරිමට ගිය මාධ්‍යවේදි රොෂාන් දිලිප් කුමාර ඇතුළු මාධ්‍ය කණ්ඩායමට නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්...

හම්බන්තොට වරාය සේවක උද්ඝෝෂණය වාර්තා කිරිමට ගිය මාධ්‍යවේදි රොෂාන් දිලිප් කුමාර ඇතුළු මාධ්‍ය කණ්ඩායමට නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න පහරදිම හා රාජකාරියට බාධා කිරිම හෙළා දකිමින් දිඹුලාගල ජනමාධ්‍යවේදි සුභ සාධක සංසදය ප‍්‍රදේශය පුරා විරෝධතා පුවරු ප‍්‍රදර්ශනය කරමින් අද(13) විරෝධය පළ කළේය.

තමාද කලක් ලේක් හවුස් මාධ්‍යවේදියෙකු වු බැවින් තමාගේ රැහේ එවුන් රැකිමට වගකිමක් ඇතැයි මාධ්‍ය ඉදිරියේ කි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වහා මෙම සිද්ධියට මැදිහත්ව වැරදි කරුවන්ට දඩුවම් දි නිතිය ක‍්‍රියාත්මක කර රැහේ එවුන්ගේ ආරක්ෂාව තහවුරු කරන බව කි‍්‍රයාවෙන්ම ඔප්පු කළ යුතුව ඇතැයිද එම සංසදය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි

නාවික හමුදාපති මිලේඡ්ච ලෙස මාධ්‍යවේදියාට පහර දිම රටේ සියලූ දෙනා මාධ්‍යවලින් දුටු බවත් ඒ පිළිබදව කිසිදු තර්කයකින් තොරව නාවික හමුදාපතිවරයාට එරෙහිව නිතිය ක‍්‍රියාත්මක කිරිමට පැහැදිලි සාක්සි ඇති බවද නිවේදනයේ සඳහන් වේ



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4450964238956175025

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item