ක්‍රිස්තියානි මූලධර්මවාදයේ නැගිටීමක් වෙනුවලු

යුරෝපයේ ඉස්ලාමීය මූලධර්මවාදය නැගීමට සාපේක්‍ෂව කතෝලික හා කි‍්‍රස්තියානි මූලධර්මවාදී ආගම්වල නැගිටීමක් 2017 වසර තුළදී බලාපොරොත්තුවිය හැකි බව...

යුරෝපයේ ඉස්ලාමීය මූලධර්මවාදය නැගීමට සාපේක්‍ෂව කතෝලික හා කි‍්‍රස්තියානි මූලධර්මවාදී ආගම්වල නැගිටීමක් 2017 වසර තුළදී බලාපොරොත්තුවිය හැකි බව බස්නාහිර සංවර්ධන හා මහා නගර අමාත්‍ය පාඨලී චම්පික රණවක කියයි.2017 වසර සඳහා සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කරයි.

එසේම අන්තර්ජාතික සම්මුතීන් වෙනුවට ජාතික රාජ්‍යයන්ගේ අභිලාශ ඉදිරියට එන වසරක් ලෙස 2017 වසර හඳුනාගත හැකි බවත් ආරක්‍ෂකමය ආකායරට හා සමාජමය ආකාරයටත් නව පිපිරීම් රැසක් මධ්‍ය ධරණී කලාපයේ, අරාබි කලාපයේ ඇතිවෙමින් තිබෙන බවත් ඔහු පෙන්වා දෙයි.

2017දී ශ‍්‍රී ලංකාවට නව ආර්ථික උපාය මාර්ගයක් අවශ්‍ය බව පෙන්වා දෙන අමාත්‍යවරයා දේශගුණික විපර්යාස යටතේ ලබන වසරේ විශාල ජල ගැටලූවකට මුහුණ දීමට සිදුවෙනු ඇති බවත් පෙන්වා දෙයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3973272933372838726

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item