චීනයට දෙන්න අක්කර 15000ක් හොයාගන්න නැහැ

හම්බන්තොට හා තදාසන්න ප්‍රදේශයේ අක්කර 15000 ක වපසරියක් තුළ චීන කර්මාන්ත පුරයක් ආරම්භ කිරීම සඳහා චීන ආයෝජකයන්ට එම ඉඩම් ලබාදීම අපහසු කටයුත්තක්...

හම්බන්තොට හා තදාසන්න ප්‍රදේශයේ අක්කර 15000 ක වපසරියක් තුළ චීන කර්මාන්ත පුරයක් ආරම්භ කිරීම සඳහා චීන ආයෝජකයන්ට එම ඉඩම් ලබාදීම අපහසු කටයුත්තක් බවට රජය හඳුනාගෙන ඇතැයි වාර්තා වේ.

චීන ආයෝජකයන්ට කර්මාන්ත පුරයක් ඉදිකිරීම සඳහා අක්කර 9000 ක් හම්බන්තොට දිස්ත්‍රික්කයෙනුත්, ඉතිරි අක්කර 6000 මොනරාගල හා ඒ ආසන්න ප්‍රදේශවලිනුත් සොයාගැනීමට රජය තීරණය කර තිබිණි. 

කෙසේ වෙතත් ජනතා අවතැන් වීම, කෘෂිකාර්මික හා පාරිසරික සංවේදී ගැටලු හේතුවෙන් චීනයට අක්කර 15000 ක් ලබාදීම අපහසු බවට රජය හඳුනාගෙන තිබේ. මේ හේතුවෙන් ඉඩම් මැනීම් කටයුතුද නවතා තිබේ.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පදවිප්‍රාප්තියේ දෙවැනි සැමරුමට සමගාමීව හම්බන්තොට වරාය චීන හා ශ්‍රී ලංකා ඒකාබද්ධතාවෙන් පවත්වාගෙන යෑමට අදාළ ගිවිසුමට ජනවාරි 07 වැනිදා අත්සන් කිරීමට නියමිතව තිබුණද, එයද එදිනට අත්සන් කළ නොහැකි තත්ත්වයකට පත්ව ඇති බව වාර්තා වේ.

මෙහිදී චීන සමාගමට වරායෙන් 80% ක් හා ශ්‍රී ලංකාවට වරායෙන් 20% ක් ලෙස කොටස් බෙදීමට නියමිතව තිබුණු අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ සඳහා විරෝධය දැක්වීම නිසා ගිවිසුම් අත්සන් කිරීම ගැටලුකාරී තත්ත්වයකට පත්ව තිබේ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2592284681601225923

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item