මහ කන්නයේ හම්බන්තොට මහා විනාශයක්. අස්වනු 50%කින් බසී
පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ මෙවර මහ කන්නයේ අපේක්ෂිත වී නිෂ්පාදනය 50% කින් පමණ අඩුවීමේ අවදානමක් පවතින බව හම්බ...

http://www.sathhanda.com/2017/01/50.html

මහ කන්නයේ අපේකෂිත වැසි නොලැබීම හම්බන්තොට දිස්ත්‍රික්කයට පමණක් නොව දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ වලට ජලය ලැබෙන පෝෂක ප්‍රදේශයන්ට ද වැසි නොලැබිම නිසා ප්‍රමාණවත් ජලය නොමැති කමින් වගාවන් සඳහා බලපෑම් ඇති වි තිබෙන බව ඔහු සඳහන් කළේය. ලියන්ගස්තොට, බඳගිරිය, මුරුතවෙල ව්‍යාපාරවල දැඩි ජල හිගයක් පවතින අතර දැනට වගා ආරම්භ කර ඇති රිදියගම, කිරිඳිඔය වැනි ප්‍රධාන ව්‍යාපාර යටතේ ද වගාවන්ට අවදානම් සහගත තත්වයක් ඇති වි තිබෙන බව ඒ මහතා වැඩි දුරටත් පැවසීය.
දළ වශයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහ කන්නයේ වි මෙට්‍රික් ටොන් 180,000 ක් පමණ නිෂ්පාදනය කරන අතර මෙම තත්ත්වය මත එම ප්‍රමාණය සියයට පනහකින් තරම් අඩුවන බව දැනට පෙනී ගොස් ඇති අතර ඉදිරියේ දී වියළි කාළගුණික තත්වය තවත් වැඩි වුවහොත් ප්‍රමාණය මෙයටත් වඩා අඩුවිය හැකි බව හේමන්ත මහතා අවධාරණය කළේය.
දැනට තිබෙන ජලය මුර ක්‍රමය යටතේ වගා සඳහා බෙදා හැරීම වාරි මාර්ග දෙපාර්තුමේන්තුව මගින් සිදු කරන අතර ගොවින් මේ සඳහා සහාය ලබා දිය යුතු බවද ඒ මහතා පැවසීය. ඇතැම් කොටස් වලට ජලය නොලැබෙන බවත්, වගා විනාශ විමේ අවදානම් පවතින බවත් ගොවීහු කියති.
මේ අතර, පානීය ජලය සැපයිම සිදු කල යතු බවත්, නිසි ජල කළමණාකරනයක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ දැනට ක්‍රියාත්මක කල යුතු බවත් දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ වරයා සඳහන් කරන අතර ඉදිරි දිනවල දී හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු සිදු කිරීමට නියමිත බවද ඔහු වැඩි දුරටත් කීය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලව මහ වැලි කලාපයට අයත් හෙක්ටයාර 9,000 ක් පමණ අදාල ජලාශයේ ජලය නොමැති කම නිසාවෙන් මෙවර මහකන්නයේ මුළුමනින්ම වගා කර නොමැති බවද වාර්තා වේ.
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට
Related