ඉහළ රාජ්‍ය නිලධාරීන්ගේ ඇඳුම ලිහිල් වෙයි

රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරීන් මින් ඉදිරියට අත්‍යවශ්‍ය අවස්ථාවකදී හැර ටයි පටිය හා කබාය සහිත නිල ඇඳුම ඇඳීම අනිවාර්ය නොවන බව ජනාධිපති මෛත්‍රීපා...

රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරීන් මින් ඉදිරියට අත්‍යවශ්‍ය අවස්ථාවකදී හැර ටයි පටිය හා කබාය සහිත නිල ඇඳුම ඇඳීම අනිවාර්ය නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ඒ අනුව ඉහළ රාජ්‍ය නිලධාරීන් සම්පූර්ණ යුරෝපීය ඇඳුම ඇඳීම අනිවාර්ය කරමින් හිටපු ජනාධිපතිවරයකු විසින් නිකුත් කරනු ලැබ ඇති චක්‍රලේඛය තමා අහෝසි කර බව ජනාධිපතිවරයා කියාසිටියේය.

ජනාධිපතිවරයා එලෙස පැවසුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ අද (09දා) පැවැති උත්සවයකට එක් වෙමිනි. රාජ්‍ය අංශයේ ඉදිකෙරෙන නව ගොඩනැගිලි සඳහා හරිත මාර්ගෝපදේශ සංග්‍රහය හා අගැයිම් ක්‍රමවේදය එළි දැක්වීමට මෙම උත්සවය පැවැත්විණි.

‘පහුගිය දෙසැම්බර් 31 වැනි දා මම පොලොන්නරුවේ වාර්ෂික පිරිත් පිංකමට ගියා. මම යද්දි රෑ 11 ට විතර ඇති. එතකොටත් අපේ ප්‍රාදේශීය ලේකම්තුමා ටයි එකක් එහෙම දාගෙන පිරිත් අහනවා. මම ඇහුවා රෑ වෙලා නේද? ටයි එක එහෙම දාගෙන මොකද කියලා. මම නම් හිතන්නේ එතුමට අර චක්‍රලේඛය බලපාන්න ඇති.‘ යැයි ද ජනාධිපතිවරයා කියා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8853664893355122744

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item