ජනපතිට සදාචාරාත්මක අයිතියක් නෑ - එජාප

විධායක ජනාධිපති පදවිය අහෝසි කරන බවට ප්‍රතිඥා දෙමින් බලයට පත් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එම පදවිය තවදුරටත් පවත්වාගෙන යාමට සදාචාර...

විධායක ජනාධිපති පදවිය අහෝසි කරන බවට ප්‍රතිඥා දෙමින් බලයට පත් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එම පදවිය තවදුරටත් පවත්වාගෙන යාමට සදාචාරාත්මක අයිතියක් නැතැයි නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පවසයි.

ස්වාධීන දේශපාලන පක්ෂයක් ලෙසින් තමන්ට අවශ්‍ය තීරණයක් ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයිතියක් තිබෙන නමුත්, එම පක්ෂයේ පවා විධායක ජනාධිපති පදවිය අහෝසි කිරීමේ ප්‍රතිපත්තිය මත දේශපාලනයේ යෙදුනු කණ්ඩායම්වලටත් එවැනි ස්ථාවරයක් දැරීමේ සදාචාරාත්මක අයිතියක් නැති බවත් ඔහු පැවසීය.

නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ, ජාතික ගැටලුවට විසඳුම් ලෙසින් බලය විමධ්‍යගත කිරීම සඳහා විධායක ජනාධිපති ධුරය දිගටම පවත්වාගත යුතු යයි පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කළ බවට ආචාර්ය සරත් අමුණුගම අමාත්‍යවරයා 'බීබීසී සංදේශය'ට කළ ප්‍රකාශය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිචාරය විමසූ අවස්ථාවේදීය.

පක්ෂයේ අභ්‍යන්තර බල අරගලය හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එවැනි තීරණයක් ගෙන ඇති නමුත්, ජනාධිපතිවරයා ඇතුළු පක්ෂයේ බහුතරයකට එවැනි අරමුණක් තිබෙන්නේ යයි තමන් විශ්වාස නොකරන බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය ලේකම්වරයා පැවසීය.

"පක්ෂය ඇතුලේ තිබෙන ගැටළු, බල අරගල නිසා ඔවුන්ට විවිධ දේ කියන්න සිද්දවෙනවා වන්නට පුළුවන්," ඔහු පැවසීය.

කෙසේ නමුත් 2015 ජනාධිපතිවරණය අවස්ථාවේ පැවති දේශපාලන වාතාවරණය වෙනස් වී තිබෙන බැවින් පක්ෂයේ නව ස්ථාවරය පිළිබඳව එජාපය ඇතුළු පක්ෂ සමග සාකච්ඡා කිරීමට සූදානම් බවත් සරත් අමුණුගම අමාත්‍යවරයා පැවසීය.

මීළඟ ජනපතිවරණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂයේ අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් විය යුතු බවටද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දු කර තිබේ.

2020 වසරේ පැවැත්වෙන ජනපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා අනුරාධපුරයේ ඊයේ (09) පැවැති උත්සවයකදී කියා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6422177184060565814

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item