විමල් වීරවංශ අත්අඩංගුවට ගැනීමට කාරණා නැතැයි නීතිපති කියයි

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ අත්අඩංගුවට ගැනීමට තරම් ප‍්‍රමාණවත් කරුණු ප‍්‍රමාණවත් නැති බව කියමින් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස නිර්දේශ...

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ අත්අඩංගුවට ගැනීමට තරම් ප‍්‍රමාණවත් කරුණු ප‍්‍රමාණවත් නැති බව කියමින් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස නිර්දේශ කිරීම නීතිපපතිවරයා විසින් ප‍්‍රතික්‍ෂෙප කර තිබේ.

මෙම තීන්දුව නීතිපතිවරයා විසින් දැනුම් දී ඇත්තේ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයේ ප‍්‍රධානීන් සහ තවත් ප‍්‍රබලයින් කිහිප දෙනෙකු අතර පැවති පැය හයහමාරකට පමණ සාකච්චාවකදීය.

මෙම සාකච්චාවේදී මුළු කාලය පුරාම සාකච්චා කර ඇත්තේ විමල් වීරවංශ හා නාමල් රාජපක්‍ෂ යන මන්ත‍්‍රීවරුන් අත්අඩංගුවට ගන්නා ආකාරය ගැනයි.

නමුත් නීතිපති දෙපාර්තමේන්තකුවේ අනුමැතිය නැතත් වීරවංශ මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය ඊයේ රාත‍්‍රියේ සූදානමින් සිටියද මේ වන විට එම තීරණය වෙනස් කර ඇත්තේ අද දිනයේ මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට නොගැනීමටයි.

මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගන්නේ යයි ලද තොරතුරු මත මේ වන විටත් මාධ්‍යවේදීන් විශාල පිරිසක් මන්ත‍්‍රීවරයාගේ නිවස ඉදිරිපිට රොක් වී සිටිති.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2994783143930767462

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item