රිමාන්ඩ් භාරයේ සිට විමල් පොතක්‌ ලියයි

රක්‍ෂිත බන්ධනාගාරගතව සිටින ජාතික නිදහස්‌ පෙරමුණේ නායක සහ හිටපු නිවාස ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මේ දිනවල රිමාන්ඩ් සිර මැදිර...

රක්‍ෂිත බන්ධනාගාරගතව සිටින ජාතික නිදහස්‌ පෙරමුණේ නායක සහ හිටපු නිවාස ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මේ දිනවල රිමාන්ඩ් සිර මැදිරියේ සිට ග්‍රන්ථයක්‌ රචනා කරමින් සිටී. 

මන්ත්‍රීවරයා දිනපතා රාත්‍රී 12.00 පමණ වන තුරු නිදිවරමින් එහි කටයුතු සිදුකරගෙන යන බව පැවසේ.

ලැබුණු විවේකයේ තමන් ලියමින් සිටින පොත පිළිබඳ තොරතුරු ඊයේ (17 දා) පෙරවරුවේ විමල් වීරවංශ බැලීමට කොළඹ මැගසින් බන්ධනාගාරයට පැමිණි තිරසර සංවර්ධන සහ වනජීවී නියෝජ්‍ය ඇමැතතිනී සුමේදා ජී. ජයසේන ටද මන්ත්‍රීවරයා පවසා ඇත.

දැනටමත් එහි පිටු 24 ක්‌ රචනා කර අවසන් බවත් එහිදී සඳහන් කර ඇති විමල් වීරවංශ මහතා සුවිශේෂී කරුණු රැසක්‌ ඇතුළත් වන මෙම ග්‍රන්ථය තමන් බන්ධනාගාරයෙන් නිදහස්‌ව පැමිණි පසු මුද්‍රණය කර ජනගත කරන බවද පවසා තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3347831324879278514

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item