අද මහින්දගෙන් තීරණාත්මක ප්‍රකාශයක

ජාතික නිදහස් පෙරමුණේ විශේෂ මහ සමුළුව කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේ දී අද (22) පැවැත්වෙනවා. එහි විශේෂ ආරාධිතයා ලෙස හිටපු ජනාධිපති ...

ජාතික නිදහස් පෙරමුණේ විශේෂ මහ සමුළුව කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේ දී අද (22) පැවැත්වෙනවා.

එහි විශේෂ ආරාධිතයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වීමට නියමිතයි.

ඒ පිළිබඳ කරුණු දැක් වූ ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් සඳහන් කළේ සමුළුව සාර්ථක කර ගැනීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම්ව ඇති බවයි. වත්මන් ආණ්ඩුව මෙම සමුළුවට විවිධ බාධා ඇති කරමින් පවතින බවත් පැවසුවා.

මෙම සමුළුවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල ඇතුළු මන්ත‍්‍රීවරුන් රැසක් සහභාගී වීමට නියමිතයි.

සමුළුවේ විශේෂ ආරාධිතයා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී තීරණාත්මක ප‍්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව ජාතික නිදහස් පෙරමුණ නිකුත් කළ නිවේදනයක දැක්වුණා.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ දිරිය පුරවැසි සමිති නියෝජිතයින්ගේ විශේෂ මහ සමුළුව ද මහරගම දී අද පැවැත්වෙනවා. ඒ, පක්ෂ නායක අනුර කුමාර දිසානායකගේ ප‍්‍රධානත්වයෙන්.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1004680525479920103

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item