භික්‍ෂූන්ගේ පැමිණීමෙන් රටට සුගතියකුත් නෑ - රංගේ බණ්ඩාර

උත්තරීතර සංඝයා වහන්සේලා පාර්ලිමේන්තුවට නොපැමිණීම ඉතා වැදගත් බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර පවසයි. ...

උත්තරීතර සංඝයා වහන්සේලා පාර්ලිමේන්තුවට නොපැමිණීම ඉතා වැදගත් බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර පවසයි.

පාර්ලිමේන්තු මන්ති‍්‍රවරයාට ඉදිරියෙන් සිටිය යුතු ගෞරවනීය මහ සගරුවන දේශපාලනයට පැමිණීමෙන් මන්ති‍්‍රවරයෙකු බවට පමණක් පත්වන බැවින් එවන් භික්‍ෂුවක් දේශපාලඥයින්ට ඉදිරියෙන් සිටින්නේ කෙසේදැයි ඔහු විමසා සිටී.

එමෙන්ම එය සමාජයේ ප‍්‍රගමනයට හානියක් බවද අමාත්‍යවරයා පවසයි. මෙම අයහපත් තත්ත්වයට ඉඩ නොතැබීමට සංඝයා වහන්සේලා අතර කථිකාවක් ඇති විය යුතු බවත් එය කාලීන අවශ්‍යතාවත් බවට පත්ව තිබෙන බවත් අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර අවධාරණය කර සිටී.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ආණමඩුව එක්සත් ජාතික පක්‍ෂ කාර්යාලයේ පසුගියදා 20 පැවැති උත්සවයකදීයී. පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ තීරණය පිළිබඳ කරුණු පැහැදිලි කරමින් අමාත්‍යවරයා මේ අදහස් පල කළේය. උන්වහන්සේ ස්වාධීන වීමට ගත් තීරණයට වඩා පාර්ලිමේන්තුවෙන්ම ඉවත්වීමට කටයුතු කළේ නම් සුව්ශේෂී සමාජ මෙහෙවරකට මග පෑදෙන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

ජාතික හෙළ උරුමය, සිහළ උරුමය වැනි පක්‍ෂවලින් භික්‍ෂූන් වහන්සේ 08 නමක් මුලින්ම පාර්ලිමේන්තුවට තේරී පත් වුණා. උන් වහන්සේලා මහත් ගෞරවයට පාත‍්‍ර වී සිටි භික්‍ෂූන් වහන්සේලා වුවද පාර්ලිමේන්තුවෙන් නික්ම යන විට එම ගෞරවය කෙලෙසුනා. අලි සොරකම්වලට පවා සම්බන්ධ බවට ඇතැම් භික්‍ෂූන්වහන්සේලාට චෝදනා එල්ල වුණා. භික්‍ෂූන්ගේ පැමිණීමෙන් පාර්ලිමේන්තුවට ඇති වූ සුගතියකුත් නෑ, රටේ ඇති වූ වෙනසකුත් නෑ, උන්වහන්සේලාට අත් වූ සෙතකුත් නෑ. එබැවින් පාර්ලිමේන්තුවෙන් ඉවත් වී ශාසනික හා සමාජ මෙහෙවරකට භික්‍ෂූන්වහන්සේ යෝමු කිරීම වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන්නැයි තමත් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් වෙන යෝජනා කර සිටින බවද අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා මෙහිදී ප‍්‍රකාශ කළේය.

මාධ්‍ය ඒකකය
නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍යංශය



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2010771034209997158

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item