ඡන්දය හත්ගව්වක් දුරයි - කලබල වෙන්න එපා

ඡන්දයට හත්ගව්වක් දුර තියාගෙන ඡන්දය ගැන ආණ්ඩු පෙරලන එක ගැන ජනතාව එක්ක කථා කරමින් සිටිම මහජන නියෝජිතයකුගේ වගකිමක් නොවන බව ඛනිජ තෙල් සම්ප...

ඡන්දයට හත්ගව්වක් දුර තියාගෙන ඡන්දය ගැන ආණ්ඩු පෙරලන එක ගැන ජනතාව එක්ක කථා කරමින් සිටිම මහජන නියෝජිතයකුගේ වගකිමක් නොවන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම විරක්කොඩි පවසයි.

ගාල්ලේ පැවති මාධ්‍ය හමුවකදි ඇමතිවරයා මේ බව සදහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"2020 ජනාධිපති ඡන්දයක් නැහැ. ජනාධිපතිතුමාට අවශ්‍ය නම් විතරයි 2020 ඡන්දයක් තියන්න පුළුවන්. නැතිනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව 2021 ඡනාධිපති ඡන්දය තියන්නේ. කලබල වෙන්න හේතුවක් නැහැ. පාර්ලිමේන්තු ඡන්දය තියෙන්නේ 2020 ජනාධිපති ඡන්දය තියෙන්නේ 2021 මෙයට කලබලවෙලා කෑගන එක නෙවෙයි රටේ සිදුවිය යුත්තේ රටක් හැටියට උපරිම උත්සාහයෙන් රට ඉදිරියට ගෙනියන්න රජය කටයුතු කරනවා.

මෙන්න මේ වැඩපිළිවෙළට විපක්ෂයත් උදව් කළයුතුයි. ජනතාවගේ ප්‍රශ්නය විසදන්න.. එහෙම නැතිව ආණ්ඩු පෙරලන එකද? තව අවුරුදු හතරකින් එන ඡන්දය ගැන කථා කරන එකද මේ රට සංවර්ධනය කරන එකද වැදගත්. ජනතාවට අවශ්‍ය මොනවාද ජනතා බලාපොරොත්තු මොනවාද කියලා අපි දැනගෙන ඉන්න ඕන. ශ්‍රි.ල.නි.පක්ෂයේ අරමුණු වෙනුවෙන් කැපවෙලා තමයි අපි මේ රජයේ ඉන්නේ. දේශියත්වයට අපේ සම්පත් විකුණාගන්නා කාරණාවලට අපි එකගවන්නේ නැහැ. ඔය කථා කරණ අය ඔක නොදන්නවා නෙවෙයි. අධිකරණයේ ස්වාධිනත්වය ගැන අපි සෑහිමකට පත්වෙනවා. විමල් විරවංශ මහත්තයා නෙවෙයි. අපි හෝ අපට වඩා ඉහල කෙනෙක් හෝ පහල කෙනෙක් නිතියට පටහැනිව දෙයක් කරලා තියෙනවානම් නිතිය ක්‍රියාත්මක විය යුතුයි කියන මතයේ රටේ පොදු ජනතාව ඉන්නවා. රටේ බහුතර ජනතාව ඉන්නවා. 

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ශ්‍රි.ල.නි.පක්ෂයේ නායකයා. ශ්‍රි.ල.නි.පක්ෂයේ අපේක්ෂකයා හැටියට සුදුසුම පුද්ගලයා රටේ ජනප්‍රියම පුද්ගලයා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා .ඒ නිසා ශ්‍රි.ල.නි.පක්ෂය හැටියට අපි ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කළහොත් සුදුසුම පුද්ගලයා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා බවට කිසිදු වාදයක් නෑ" යැයි පැවසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7942882863350049143

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item