විමල්ට නිදහස සහ දේශපාලන පලිගැනීම වලට එරෙහිව කොටුවේ පැවති උද්ඝෝෂණය[PHOTOS]
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එරෙහිව එම පක්ෂයේ සාමාජිකයන් පිරිසක් කොටුව දුම්රියප...
![](http://img2.blogblog.com/img/icon18_edit_allbkg.gif)
https://www.sathhanda.com/2017/01/photos_17.html
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එරෙහිව එම පක්ෂයේ සාමාජිකයන් පිරිසක් කොටුව දුම්රියපළ ඉදිරිපිටදී ඊයේ (16) සවස උද්ඝෝෂණයක නිරත වූහ.
ජාතික නායකයන් දඩයම් කිරීම වහා නවතනු මැයෙන් පැවැති මෙම උද්ඝෝෂණයට එක්කර තිබූ විරෝධතා පුවරුවල ‘බටලන්දේ පෙරහුරුවට අපි බය නෑ’, ‘අධිකරණය නොමග යවන FCID ලොක්කන්ට අනාගතයේදී දඬුවම්’, ‘හිට්ලර්ගේ ගෙස්ටාපෝ රනිල්ගේ FCID’ , ‘සිපිරි ගෙයයි මැතිසබයයි රට වෙනුවෙන් දෙකම එකයි’,’බැඳුම්කර හොරා නඩු අසයි දඬුවම් දෙයි’ යන වදන් සඳහන් විය.
ජාතික නිදහස් පෙරමුණේ නායකයන් වන වීරකුමාර දිසානායක, ජයන්ත සමරවීර, පද්ම උදය ශාන්ත, මොහොමඩ් මුසම්මිල් යන මහත්වරු සහ පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Related