"ෆොක්ස් ගේ වැගන් ,ෆොක්ස්වාගන්"

මොකද සෑර් දාහට අරගෙන සීයකට දීලවගේ? මොන දාහද බං?ලක්ෂ හැටදෙකක්ම මට දුන්න නොවැ! මේයන විධියට ගියොත් සීයක්වත් ඉතුරුවෙනඑකක් නෑ මගෙහිතේ. ...

මොකද සෑර් දාහට අරගෙන සීයකට දීලවගේ?

මොන දාහද බං?ලක්ෂ හැටදෙකක්ම මට දුන්න නොවැ! මේයන විධියට ගියොත් සීයක්වත් ඉතුරුවෙනඑකක් නෑ මගෙහිතේ.

අසුබකතා දොඩවන්න එපා සර්.මහින්ද මහත්තය කියන ඒව ඔයහැටි ගණන්ගන්න හොඳ නෑ..ඔය හිතේඅමාරුවට ගහන කයිවාරුනේ.

2017 බලය ගනියි ! බම්බුව තමයි.නැද්ද සර්?

ගොනෝ ,මහින්ද කෙනෙක් ගැන නෙවෙයි මම කිව්වෙ. ඒක නෙවෙයි; කොහේද උඹ ඔය තකහනියක්ම යන්නගියේ?

සර් ඉංගිරිස් වලින් fox කියන්නෙ නරියට නේද? wagon කියන්නෙ වාහනයට නේද?

කවුද බං ඕව දන්නෙ.මොකවුනාම මට මොකෝ.

සර් මම මේ තකහනියක්ම යන්නෙ සර්ලගෙ තොරතුරු දැනගැනීමේ පනතට අනුකූලව වැදගත්ම තොරතුරක් දැනගන්න.

ඇයි බං ෆෝම්කොල පුරවගෙන කන්තෝරුගානෙ ඇවිදින්නෙ? ඕනෑම තොරතුරක් මේ මගෙන් අහගනිං කො . උඹ දන්නවද මම තමයි ලංකාවේ ජනාධිපති. ශ්‍රී ලංකා රාජ්‍යයේද ආණ්ඩුවේද ප්‍රධානයා තමයි මම.

සර් ට ෂුවර් ද සර් ශ්‍රී ලංකාවෙ ජනාධිපතිම කියල? නෑ මං එහෙම ඇහුවෙ සර් ඔහෙත් රටේ තොරතුරු දැනගන්නෙ පත්තරෙන් නිසා.

පිස්සුද බං? මං නොදැන කාටවත් කිසිදෙයක් ලංකාවෙ කොරන්න බැහැ .මගේ ඇඟබේරගන්න නේ මං ඔය පත්තරකතාව කිව්වෙ.

සර් මම මේ යන්නෙ අර පොක්සැගන් කාර්කොම්පැනියෙ ෆැක්ටරිය ගැන නිවැරදිම තොරතුර ලබාගන්න.ගාමිණී වියන්ගොඩ මහත්තය තමයි මට මේ ෆෝම්සැට්එක ගෙනත් දුන්නෙත්.

හාපෝ..මතක්කොරන්න එපා.

කවුද සර් මතක්කොරන්න එපා කිවවෙ වියන්ගොඩ මහත්තයල ද? 

උන්දැලත් එපා, පොක්සැගනුත් එපා. දෙකම මතක්කොරන්න එපා .

මම උඹට මුලදි කිව්වෙ මගේ සායම ඇරිය කියල. මාව කෑව බං කෑව ! අගමැතිය මාව කෑව . 
මං ඉවරෙටම ඉවර කෙරුව. මේ යෝදය පොක්සැගන් මගුලක් අටවල මගේ පටිතිස්දෙකෙන් ඉතිරිවෙලා තිබුන පටි හතර පහත් රෝල්කොරලම ඇරිය නොවැ ! දැන්නම් ඉතිං ඉවරෙටම ඉවර යි පුතෝ.

ඕවත් ප්‍රශ්නද? අපිත් එකට එක කරමු සෑර්! මහින්ද මහත්තය රවටපු සර්ට රනිල් මහත්තය රවටන එක සුලුදෙයක්නේ.දෙමු රිටර්න් එක.

උඹ කියන්නෙ මට රනිල් එක්කත් ආප්ප කන්න කියලද?

චී..චී..සර්;ආප්ප අසුබයි.අන්තිම අසුබයි. 
උඩිනුත් ගින්දර,යටිනුත් ගින්දර මැද තියෙන්නෙ මොකක්ද?පුලුවන්නම් සර් කියන්න බලන්න.

මැද ආප්පෙ නේ බං!

බම්බුව තමයි!මැද ,ආප්පෙ නෙවෙයි සර් . සර් තමයි මැද ඉන්නෙ, සර් තමයි දේශපාලන ගින්දරට මැදිවෙලා ඉන්නෙ. .මං අද කිව්ව කියල ලියල තියාගන්න හරිය? 

හැබෑට බං උඹ ඔය බකපණ්ඩිත කතා කියව කියව ඉන්නෙ නැතුව උඹට බැරිද මගේ උපදේසක පට්ටමක් බාරඅරගෙන කොරන්න.මං උඹට හොඳට සලකන්නම්.
පිස්සුද සෑර්! එතකොට මහින්ද මහත්තයට උපදෙස් දෙන්නෙ කවුද?

මොකක් ! උඹද එහෙනම් මහින්ද මහත්තයටත් උපදෙස් දෙන්නෙ? පුතෝ.. ඩබල්ගේම් ගහපං,හැබැයි බෙල්ල ගහල ගියවෙලාවට තේරෙයි උඹට.

දැලිපිහියෙන් කිරි කන්න මට හොඳට හුරුයි සර්. සර් ඒ ගැන බයවෙන්න එපා.

අනිත් එක සර්, සර්ට උපදෙස්දෙන්න ශිරාල් ලක්තිලක මහත්තයල මලිත් ජයතිලක මහත්තයල ඉන්න නිසා මං අවශ්‍යවෙන්නෙම නෑ.මං දෙන උපදෙස්ම තමයි ඒ දෙන්න දෙන්නෙත්.

හැබැයි සර් අර විජේසූරිය මහාචාරියතුමාගෙ සෙට්එක දෙන උපදෙස් නිකමටවත් පිළිපදිනව එහෙම නොවෙයි හොඳේ. සර් එකඟවෙන බව අඟවන්න බොරුවට ඔලුව වන වන ඉඳල මේ කනෙන් අහල අනිත් කනෙන් පිටකරල දාන්න. 

හොඳ තේපැන් සංග්‍රහයක්දීල උඹල තමයි යහපාලන ආණ්ඩුව හදපු පොරවල් කියල හැඟෙන විධියට මුරුංගඅත්තටම උස්සල ධර්මටෝකක් දෙන්න. එතකොට වැඩේ ෂේප්. 

සර්ට ඕවත් වැඩද. මහරජාණෝ කියල මහින්ද මහත්තය මුරුංගඅත්තට නග්ගපු නැග්ගිල්ල කොහොමද?කියල වැඩක් නෑ. මහින්ද මහත්තය මුරුංග ගහෙන් බිමට වැටුන වැටිල්ලෙ තරමට නුගේගොඩ රැළිය නොතියන්න මහින්ද මහත්තය තවම තුනටියට තෙල්පත්තු බඳිනව ෂුවර් එකටම.බොරුද මං කියන්නෙ? ආව්..ආව්.. හපන්කම මතක්කොරනකොටම සර්ට මල්හිනාවකුත්ගියා ! ෂඃහ් නියමයි නියමයි.

සර්ම හිතල බලන්නකො. වීරවංශ-ඩලස් මන්ත්‍රීතුමාල, වාසුදේව ලොක්ක, චමල් මහත්තය කී දෙනෙක් මහින්ද මහත්තයට කිව්වද බැසිල් මහත්තය ගාවගන්නෙ නැතිව කොරන මගුලක් කොරන්න කියල.කොහේද! මහින්ද මහත්තය කනකට ගත්තද?

මම ඇරිය හොඳ ඊමේල් දෙකතුනක් මහින්ද මහත්තයට කනේ ඇඟිලිගහගන්න . අන්න බැසිල් මහත්තය හැරෙන තැපෑලෙන් ආපහු ඇමරිකාවෙ!

කොහොමද මගෙ වැඩ ?

අවංකව කිව්වොත් සර්ට වුනත් යහපාලන මගුලක් කොරන්න උවමනාවක් තිබුන නෙවෙයි නොවැ. බැසිල් මහත්තය එක්ක තිබුන ඇරියස් එකට නේ ඔය ලෝකෝත්තරයො එක්ක සර් සැට්වුනේ.මං කියන්නෙ බොරුද? බොරුනම් බොරුය කියන්න සර් මූණටම.නැති තැන අනම් මනම් කියල බනින්න එපා හොඳේ.

මොකක්ද සිද්ධවුන ප්‍රතිඵලේ? මහින්ද මහත්තය හිටපු ජනාධිපති බවට පත්වුනා.සර් නවතම ජනාධිපතිවුනා.දෙගොල්ලටම මයිලක අලාබයක් වුනේනෑ.ඒත් රටේ මිනිස්සුවෙච්ච අපි කබලෙන් ලිපට වැටුන නේ සර්.තරහවෙන්න එපා සර්,ඇත්ත කියන්න ඕන නේ.

ඇති ඇති නවත්තගනිං උඹේ ඔය දේසනාව? මලවදේ!

තොරතුරු පනතට අනුව උඹේ පළමු ප්‍රශ්නෙ අහපං. ඉක්මන්කොරපං මට වැඩ තියෙනව.

හරි ඔන්න ඇහුව; පොක්සැගන් කම්හල කුලියාපිටියේ පිහුටවන්නෙ නැතිව උතුරු-නැගෙනහිර පිහිටෙව්වනම් සංහිඳියාවටත් තල්ලුවක් එනවනේද සර්?

ගොනෝ, ඒක ප්‍රතිපත්තිමය තීරණයක්.තොරතුරු පනතට ඒක අදාළ නෑ.

හරි සර් මං අහන්නෙ එම තීරණයගැනීමට පදනම්වුන කාරණය මොකක්ද කියලනේ.

තොට දැනගන්නම ඕනද ඒක ?

නැතුව! සර් ඔහේලට කේන්තියනවනේ තොරතුරු අහනකොට.ඡන්දෙකාලෙදි ඔහොම නෙවෙයි සර්ලගෙ කතාව.මටත් තදවෙනව සර් හොඳේ!

එහෙනං අහගනිං,හේතුව තමයි තල්ලුව , තල්ලුව බං තල්ලුව ! අකිල ඇමතිතුමාට තල්ලුවක් දෙන්න නේ පොක්සැගන් එක කුලියාපිටියෙම හයිකෙරුවෙ.

හුට්ට පටිපටස්! එක එක්කෙනාට තල්ලුව දාන එක යහපාලනය ද සර්?

එතකොට සර් ජපන් ඉන්දියන් කාර්ෆැක්ටරි කුලියාපිටියේ නොදා ,ජර්මනියෙන්ම ඕනෑනම් බෙන්ස් කාර් ෆැක්ටරියක් කුලියාපිටියේ නොදා පොක්සැගන්ම කුලියාපිටියේ තල්ලුවට ඕනෑවුනේ මොකද සර්?


ඇයි බං පොක්සැගන් එකේ විතරයි නොවැ පස්ස පැත්තෙ ඇංජිම හයිකොරල තියෙන්නෙ.

අම්මප ඇත්ත නේ ! දැනුයි මට මතක්වුනේ සර් .පොක්සැගන් එකේ ඇංජිම ,ඩිකියෙ නොවැ!

මං හිතුවෙ සර් හිට්ලර් විසින් පොදුජනයාගේ වාහනය විධියට හඳුන්වල දීපු කාර්එක නිසා හිට්ලර් සිහිවෙන්න රනිල් මහත්තය පොක්සැගන් ගෙනාව කියල.

බම්බුව තමයි! මිනිහෝ, සමහරු වමෙන් පදවන වාහනවලට කැමතියි.සමහරු ලොකුරෝද ලොකුටයර් තියෙන වාහනවලට කැමතියි.සමහරුන්ට ඔටෝ ගියර් හරියන්නෙම නෑ.ඒව බං එක එක්කෙනාගෙ රුචි අරුචිකම් නොවැ.

හරි..හරි සර්,එතකොට ඇංජිම පස්ස පැත්තෙ නිසා පිස්ටන් වැඩකොරන්නෙ,තෙල්-වතුර මාරුකොරන්නෙ,ස්පාක් වෙන්නෙ ඔක්කොම යාන්ත්‍රික ක්‍රියා සිද්ධවෙන්නෙ පස්සපැත්තෙ නේද?

නැතුව!නැතුව! ඔක්කොම පිටුපස බං පිටුපස.

එතකොට සර් සද්දෙ ඇහෙන්නෙ දුම් පිටවෙන්නෙ පස්සපැත්තෙන්ම ද?

ගොනෝ,ඉස්සරහ ඇංජිම තිබුනත් දුම් පිටවෙන්නෙ පස්සපැත්තෙන් බව තෝ දන්නෙනැද්ද?

ඔව් හැබෑට! ඒ වුනාට සර් සද්දෙ ඇහෙන්නෙ ඉස්සරහින් නේ !


-පුංචිහේවා



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

කාලීන 4951593075348306706

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item