පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනවල මිල යළි වැඩිවන ලකුණු
අමුද්‍රව්‍යවල මිල වැඩිවීම නිසා ඉදිරියේදී පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනවල මිල වැඩි කිරීමට සිදුවනු ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවස...

http://www.sathhanda.com/2017/01/blog-post_350.html
අමුද්‍රව්‍යවල මිල වැඩිවීම නිසා ඉදිරියේදී පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනවල මිල වැඩි කිරීමට සිදුවනු ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති එන්.කේ ජයවර්ධන පැවසුවේ බේකරි නිෂ්පාදන සඳහා යොදාගන්නා ෆාම් ඔයිල් සහ මාගරින් මිල ඉහළ යෑම විශාල ගැටලුවක් බවයි.
මිල වැඩි නොකර පවත්වා ගැනීමට නම් ආණ්ඩුවෙන් බදු සහනයක් අපේක්ෂා කරන බවත්, එසේ නැතිනම් අනිවාර්යෙන්ම සියළුම බේකරි නිෂ්පාදනවල මිල වැඩි වන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
Related